IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි

(අංජුල මහික වීරරත්න)

රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට  මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පැවසීය.

එමෙන්ම, මෙම ව්‍යසනයෙන් රට ගොඩනැගීමේදී රාජ්‍ය යාන්ත්‍රණයටද අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සාමාන්‍ය චක්‍රලේඛ සහ දෛනික වැඩ රටාව තුළ සිර නොවී රට වෙනුවෙන් කාර්යක්ෂමව වැඩ කරමු'යි සමස්ත රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග සාකච්ඡාවකට අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක් වෙමිනි.

විදුලි  සැපයුම, පානීය ජල අවශ්‍යතා, ප්‍රවිශිෂ්ට  මාර්ග පිළිසකර කර ගැනීම, රෝහල් පිළිසකර කර ගැනීම ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්ම ඊට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී  පළාත් වශයෙන් කරුණු ඉදිරිපත් කෙරිණි. 

ආපදාවෙන් මේ වන විට ජනතාව විශාල පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර , සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් සලසමින් ඔවුන් රැක බලා ගැනීම රජයේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇති බවත්, එමෙන්ම ජන ජීවිතය යථාවත් කර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා ශක්තිමත් කිරීම කෙරෙහිද රජය මේ වන විට පුළුල් අවධානයකින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙම යළි ගොඩනැගීමේ ක්‍රියාවලිය නිසි සැලැස්මකට අනුව සිදු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ අනුව තම දිස්ත්‍රික්ක තුළ සිදුව තිබෙන හානිය, හානියේ ප්‍රමාණය සහ එය යථාවත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද වාර්තාවක් කඩිනමින් ජනාධිපති කාර්යාලය වෙත ලබා දෙන ලෙස පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

එමෙන්ම  අඩු ආපදාවට මුහුණ දුන් ස්ථානවල  කාර්යමණ්ඩල සහ උපකරණ  දැඩි ආපදාවට ලක්වූ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාව හේතුවෙන් විනාශයට පත් වූ මෙරට කෘෂිකර්මාන්තය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය බිත්තර වී, පොහොර සහ බීජ ඇතුළත් යෙදවුම් සැපයීමටත්, කඩිනමින් හානි පූර්ණය සිදු කර ගොවීන්ට වන්දි ලබා දීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන්නේය.



අදහස් (0)

ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 296 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site