
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් පොලිස් නිලධාරීන් කැඳවනු ලැබ ඇතැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නීතිපතිවරයාගේ මැදිහත්වීමක් සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අය කිඹුල් කඳුළු හෙලන බවද අමාත්‍යවරයා කීය.
එලෙස කඳුළු හෙලන්නේ ආණ්ඩු ගණනාවක් පසු කරගෙන ආ පුද්ගලයන් බව කී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව හැම විටම නීතියේ ආධිපත්‍ය රැකීමට ක්‍රියා කරන බව අවධාරණය කළේය.
කිසිදු අයුරකින් ඝාතකයන් නිදහස් කරන්නට ආණ්ඩුව ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
AKD සොලිසිටර් ජනරාල් කැඳවිය යුත්තේ ඇයි?. උගත්, ගෞරවනීය වෘත්තිකයෙක් මිස NPP වහලුන් විසින් තෝරා පත් කර ගන්නා ලද මෙවැන්නක් නොව ADK වැනි ලැජ්ජාවක් නොමැතිව දිනපතා මිනිසුන් රවටන කෙනෙක් නොවේ.
අසේල යනු සේලය ගලවාගත් කෙනෙකි. ඔහු කරන්නේ ඔහුගේ කථාවයි.
නීතිපති ඔහුගේද තනතුරේද සුජාත භාවය නැතිකර ඇත. එබැවින් ඔහු තවදුරටත් තනතුරේ සිටීම නීතියේ ගරුත්වයට කැළලක්. ඔහු ඉවත් කිරීම හෝ ඉවත්ව යෑම අනිවාර්‍යයෙන්ම කළයුතුයි. නඩුකාරයින්ද බබාලා නොවිය යුතුයි.
ජනතාව දන්නවා හොරු කවුද කියලා
අසේල තමුන් තුම්පනේ... අඩු කුලේ එක්කෙනෙක් නේද...
මේ සේරම අහගන්න පුළුවන්... ලාල් කාන්තගෙන්...!