IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ජනපති දළදා වඳී

(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

ජනාධිපතිවරණය සඳහා අද (15) නාම යෝජනා පත්‍ර බාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරත විය.

දළදා මාළිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුහු සුභාශිංසන පළ කළහ.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමි බැහැදැක පිළිසඳරක නිරත විය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් .යූ.ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිදිගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (6)

ජනපති දළදා වඳී

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:47 PM

දළදා හාමුදුරුවන් වැඳ පුදාගෙන ජනතාව රවටන්න බැරි වෙනවා ගොයියෝ, ඕක පරණ පිටපතක්, දැන් ඔය පිටපතට ටෙලි නාට්‍යය කිහිපයක්ම ගැහුවා. තමුන්ට වැඩිය දක්ෂ නළුවන් දාලා...

:       3       1

Hassith Thursday, 15 August 2024 07:00 PM

මෙයා සතියකට දෙතුන් සැරයක් නුවර එනවා. ඔය හෙළිකොප්ටර් වියදම් ගෙවන්නේ කාගේ සල්ලිවලින්ද?

:       2       0

chandima Thursday, 15 August 2024 08:15 PM

කාලි මෑණියෝ හම්බවෙන්න ගියේ නැතිද?

:       4       0

Saman Thursday, 15 August 2024 08:38 PM

උදේ වරුවේම නාම යෝජනා දීලා. දවල් වරුවේ කොළඹ රවුම් ගහලා මෙච්චර ඉක්මණට නුවර ගියේ මෙයාගේ මාමගේ චොපර් එකෙන්ද?

:       3       0

Rohana Thursday, 15 August 2024 09:32 PM

පිටරටවලත් ජනාධිපති තරගයට මුහුණදෙන අපේක්ෂකයින් ආගමික නායකයින් හමුවෙලා ආශීර්වාද ලබාගන්නවා දැයි නොදනිමි...

:       3       0

ලුම්බිණි Friday, 16 August 2024 10:11 AM

ඒ මහතා කරඬුව ළඟ වැන්දාය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 644 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 439 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site