
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරුන් එන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කර ගෙදර යෑමට බවද ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුවේ ගෙදරක් නොගත් බවත් ඒ ගැන තමා ඔහුට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා කීවේය.
ඔහු ඔහුගේ නිවසට ගිය බවද දිසානායක මහතා පැවසීය.
හේමා ප්‍රේමදාස මහත්මිය ආණ්ඩුවේ ගෙදරක සැලකිය යුතු කාලයක් සිටි බව පැවසූ ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය සමාජගත වීමෙන් පසු ඇය නිවස බාර දුන් බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් චිත්‍ර සිරි කමිටුව පත්කළ පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ නිවස බාර දුන් බව ජනාධිපතිවරයා කීය.
නිවාස භාර නොදුන් ජනාධිපතිවරුන් තිදෙනෙකු ඉදිරිව සිටින බවත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ, සහ මෛත්‍රිපාල සිරිසේන එම තිදෙනා බවත් ඔහු කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ විජයරාම මාවත නිවසේ ඉඩම අක්කර යයි පර්චස් 13 ක් බවත් නිවසේ වර්ග අඩි ප්‍රමාණය තිස් දහස් පන්සීයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.
රජයේ තක්සේරුව අනුව එම නිවස කෝටි 350ක් වටිනා බව දිසානායක මහතා පැවසීය.
ඒ අනුව එහි මාසික කුලිය ලක්ෂ 46ක් බව තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපති මන්දිරය තමා පාවිච්චි නොකළාට ජනාධිපති ධූර කාලයෙන් පසු එය රජයට ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මේ නිවාස කිසිවක් නැවත රජයට නොලැබෙන බවද ප්‍රකාශ කළේය.
ඒ වගේම ඔහුගේ ජීවිත කාලයට ඔහුගේ බිරිඳගේ කාලයටත් මේ නිවස අපි ලබාදෙන්න ඕනද යැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ජීවිතේට රටක යුද්ධයක් ඇති වුනොත්, ඒක ඉවරවෙනවට හීන දකින්න එපා. මොකද කිසිම නායකයෙක් ආපහු රටක යුද්ධ නතර කරන එකක් නෑ. මොකද යුද්ධෙ ඉවර කරාට පස්සේ තමන්ටත් තමන්ගේ පවුලටත් කිසිම ආරක්ශාවක් නැති බව දන්න නිසා. කොහොම හරි කොටි ත්‍රස්ථවාදීන්ගේ අරමුණු ඉටු වුනා. පාතාල මර්ධනයත් වෙන්නෙ නෑ.
මෙයා දන්නවා රාජපක්ශලා හොරකම් කරේ නැති බව. ඒක නිසා වෙන රටවල් වලින් ගෙනත් පෙන්නන්න සල්ලියක් නැති බව. ඒක මෙයාමයි ඡන්දෙ කාලෙ කිව්වෙ.
කතාව නම් වෙස්සන්තර වගේ
මෙයා දන්නවා රාජපක්ශලා හොරකම් කරේ නැති බව. ඒක නිසා වෙන රටවල් වලින් ගෙනත් පෙන්නන්න සල්ලියක් නැති බව. ඒක මෙයාමයි ඡන්දෙ කාලෙ කිව්වෙ. ඒක නිසා දැන් ඊලඟ පළාත් පාලන මැතිවරණේදී මිනිස්සුන්ට හාල් පොල් ටික දීගන්නත් බැරි නිසා, ලයිට් බිල අඩු කරෙත් කොමිසම නිසා, වාහන මිලත් අහස උසට නිසා, සමූපකාර ඡන්දත් 2/3 අරන් මාස දෙකෙන් පරාද වෙච්ච නිසා දැන් මේ වගේ සිල්ලර වැඩ කරනවා. ලැජ්ජයි ඔයාලා දේශපාලනේ පහත්ම තැනකට වැටිලා ඉන්නෙ.
මෙම ක්‍රියාවලිය සදහා මහජන බදු මුදල් කොපමණ ප්‍රමාණයක් මෙතෙක් වියදම් වුවේ ද යන්නත් ඉදිරියට වියදම් වන ප්‍රමාණයත් ප්‍රසිද්ධ කළ යුතුය.....
එවැනි දේ කළාට කමක් නෑ. කරන පිළිවෙළක් තියෙනවා. මහින්ද මහතා වශේෂ නායකයෙක්. ඒක කුහකව ඔහු දෙස බලන අනත්ගාමීන් වුවත් හොඳින් දන්නවා.තැන ගමේ ගෑණු වගේ තැන තැන දොඩවන්නෙ නැතිව ඒ ඒ ජ්‍යේෂ්ඨයින් සමඟ කතා කරලා එකඟතාවක් ඇති කරගන්න ඕන. ඔවුන්ගේ ගෞරවය ට හානි නොවන විදිහට කරන්න ඕන. තමන්ගේ තත්ත්වයයෙන් සියල්ල දෙස බැලීම සුදුසු නෑ.
මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලා හොරු කියල. මුකුත් ඕනේ නැහැ. මිනිහාගේම ඇමති මණ්ඩලේ අර ටියුෂන් මාස්ටර් ඇමති විපක්ෂේ ඉන්න කාලේ කියල තිබ්බ හොරකම් කරල් තියන ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම් කියල. ඒවගේම අපේ සටලියිට් මැඩම් ලඟදි වැඩසටහනකදී කියුව හන්ගපු සල්ලි ඩුබායි වල තිබුන ඒත් ගේන්න නීති තිබ්බේ නැහැ කියල , එත් කවදාවත් සාටක බයියෝ ඒවා පිළිගන්නේ නැහැ හැමදාම එකම වර්ණනා ව කර කර ඉන්නවා
රටවැසියන්ගෙ වරප්‍රසාදත් ආර්ථිකයට ගැලපෙන ලෙස වෙනස් කිරීම කාලොච්තයි.
මහින්ද මහත්තයට අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබාදෙන වැඩක්.
දුන් පොරොන්දු ඉටු කර ගත නොහැකිව හත් පොලේ ගා ගෙන කිච වී ඇති ආණ්ඩුවට අඩුම තරමේ චාමර සම්පත් මන්ත්‍රීට වත් මුහුණ දී ගත නොහැක. මහින්ද මහතා ඉලක්ක කර ගෙන කරන මේ තුට්ටු දෙකේ වැඩ වලින් කුහකකම සහ වයිරය පමණක් ඇති මාලිමා කොමෙන්ටුවන් සහ කචර්ලා සතුටට පත්වීම හැර වෙන සාධනීය දෙයක් සිදු වන්නේ නැත.
කොයි රටේද ජනාධිපතිකම ස්වේඡ්චා සේවයක් උනේ ? ඒක තවත් රැකියාවක් පමණයි, හැබැයි වගකීම් වැඩියි. මේගොල්ලො බොරුවට වැටුප පක්ශ අරමුදලට දීලා අපට කියනවා ඒගොල්ලො කරන්නෙ ස්වේඡ්චා සේවයක්ලු !
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට කොළඹ 7 නිවාස දෙන්න අවශ්‍ය නැහැ , නමුත් ජිවිත තර්ජන තිබෙන ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දෙන්න ඕනේ මෙම ප්‍රශ්නයට හොඳම විසදුම , අධිවේගී මාර්ගය ආසන්නයේ මාර්ග පහසුකම් සහිත පිටිසර පළාතකින් ජනාධිපතිවරු සදහා නිදන කාමර 2-3 සහිත හොඳ තත්වයේ නිවාස සංකීර්ණයක් ඉදිකර ඔවුන්ගේ ආරක්ෂාවට 60-100 ප්‍රමාණවත් භට කණ්ඩායමක් කණ්ඩායමක් රඳවා තැබීම , ඔක්කොම එක තැනක ඉන්න නිසා වෙන වෙනම ආරක්ෂාව දෙන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා වියදම් ඉතුරු වෙනවා. විශ්‍රාමික ජනාධිපතිවරු තවදුරටත් දේශපාලනයේ හෝ වෙන යම් ව්‍යාපාර යෙදෙනවා නම් මෙම පහසුකම් දෙන්න අවශ්‍ය නැහැ.
මේ තියෙන්නේ රට බංකොලොත් වෙන වැඩ... ඉතුරු තුන්දෙනාත් ඔතනින් ගියොත් හොඳයි නේද?
දැන් මේක තමයි අලුත්ම ඡන්ද ගුණ්ඩුව. කිසිම ඉදිරි දැක්මක් නැති අසාර්ථක හාල් කෑලි රජ වුණාම මේ වගේ නීච වැඩ කරනවා. ගණන් ගන්න එපා. තාවකාලිකයි. මහින්ද රජෙක් හැටියටත් හාල් කෑල්ල පචයෙක් හැටියටත් ඉතිහාසගත වෙලා ඉවරයි.
කයියනායකගේ තවත් ටොම් පචයක්
යුද්දේ ඉවර කළා කියලා රට කන්න දෙන්න බෑ. මිනිස්සු ජීවිතය පූජා කරලා රට බේරා ගත්තා. ජනතාව මහින්දට වඩා ශ්‍රේෂ්ඨයි. මේ හොරු ටික හිරේට දාන්න.
ලංකාවේ තිබෙන ප්‍රධානම බැරෑරුම්ම ප්‍රශ්නය ජනාධිපති වරප්‍රසාද රස්නය ද?
තවත් පිනට දෙන්න ඕනේ නෑ උන් හම්බකරපුවා තියෙනවා ඕන තරම්.
මූන බලද්දීම පේනවා කෙනාගේ තරම කොහොමද කියලා
පනත සංශෝධනය කළාට අතීතයට බලපාන්න පුළුවන් කමක් තිබේ යැයි හිතන්න බැහැනේ...!
ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා බලයට ඇවිත්, ජනතාව රව්ට්ටපු, රීරි මාන්ස හූරාගෙන කාපු, ගුණමකු දේශපාලුවෝ ගැන ලෝකෙම දන්නවා. හොරාකාලා බඩවඩා ගත්තු අයට වහලුන්ට නම් කාගෙන ඉන්ඩ බැරි බව පේනවා. ජනතාව බලය දුන්නේ රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට දඬුවම් දෙන්න මිසක් ඔවුන්ව හුරතල් කරන්න නොවෙයි. යුද්දයක් ගැන කතා කරන අයට මතක නැහැ... යුද්ධයෙන් පස්සේ උන්දීපු සුද්දේ, පාස්කු ප්‍රාහරය එල්ලවෙන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු දූෂිත පව්ල් පාලනේ අය කරපු පාපේ? වෙස්වලාගෙන ආපු ආසිර්වාදයක් වගේ අරගලය ඇවිත් බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දේසපාලුවන් එළවලා දැම්මා. ජනතාවගේ සාපයෙන්, ස්වභාව ධර්මයෙන් නම් ඔය කාටවත්ම ගැළවීමක් නැතිවෙයි. කරපු පාපකර්ම හෙවනැල්ල වගේ පස්සෙන්ම එනවා...
වැඩ බැරි වුණාම කරන මාධ්‍ය සංදර්ශන තමයි මේවා... පච රැල... ද්‍රෝහී පච රැල..
අම්මෝ අපේ රටේ කුලියට අඬන මීහරක් කිසිම අඩුවක් නැහැ.. යුද්දෙ නතර කෙරුවේ හමුදාපති ඇතුළු වීරයෝ ගෝඨාභය කියන්නේ හිටියේ මයිනා කොහේද හිටියේ? යුද්ධය වේලාවේ මේ වගේ මෝඩ හැතිකරේ ඉන්නකම් දුප්පත් මිනිහට ඔලුව උස්සන්න අමාරුයි නාකි මයිනාගේ බේබි පැටවුන්ට ඉන්නවා.. ඔවුන් වගේම මෝඩ රෑනක් ඔවුන් තමයි මේ මෝඩ දේවල් ලියන්නේ... බල්ලෝ බිරුවාට ආණ්ඩුව දාලා දුවන්නේ නැහැ. ඔවුන් තව නිතී ගේනවා... කටවහගෙන පැත්තකට වෙන්න. අපි නැවත පටන් ගමු... ගෝ...මයිනා ...ගෝ හෝම් කියන්න අක්කරයක ඉන්න මහ නාකියා අද කොහොමද ජෝජ් බුෂ් වගේ හිටියා නම් මේයා ලන්කාවෙන් භාගයක්ම දෙන්න වෙයි... මුහුදු වෙරළත් එක්ක අක්කරයක් ඉන්නකොට හතුරට ලේසියි. මරන්න ඉඩ කඩ තියෙනවා.. හැන්ගෙන්න මෙයාට හොඳ මුඩුක්කු පේලියේ ගෙයක් කට්ටිය ඉන්නවා පැය 24ම බයවෙන්න දෙයක් නෑ...