(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව අද (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වැනි දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇත.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති අරමුදල ගමට ගෙන යන වැඩේ අරඹයි