IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපතිට සියලු දෙනා සහය දිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

අසීරු කාල පරිච්ඡේදයක රටත්, ජනතාවත් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව ආණමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනුනා හිමියෝ පැවැසූහ.

අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දුන් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරණ උත්සාහය පිළිබඳ ඇතැමුන්ට වැටහීමක් නොතිබීම කණගාටුවට කරුණක් බවත්, ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට මහාසංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම  හිමිවන බවත් උන්වහන්සේ  පැවසූහ.

ඓතිහාසික මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු,  අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අස්ගිරි  අනුනාහිමියන් බැහැදුටුවෙිය.

එහිදී අස්ගිරි අනුනා හිමියෝ මෙසේද කීහ.

මෙම රට වැටී තිබූ තැන පිළිබඳව ඇතැමුන්ට අවබෝධයක් නැහැ. ඒ වගේම වැටුණු රට යළි ගොඩනැඟීමට ඔබතුමා දරණ උත්සාහය පිළිබඳ ඔවුන්ට නිසි වැටහීමක් නැහැ. ඒ නිසා යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. 

මේ රට වැටී තිබු අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් තරමක් දුරට හෝ ගොඩගැනීමට ඔබතුමා දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කළා. එහිදී ඔබතුමාගේ පෞද්ගලික දේපළ පවා අහිමිකර ගැනීමට සිදු වුණා. 

ගෙවල් දොරවල් පවා අහිමි වුණා. 

වර්තමානයේ රටේ මතුව ඇති ගැටලුවලට ද  විසඳුම් ලබාදීමට ඔබතුමාට ශක්තිය තිබෙනවා. 

කුරුන්දි විහාරය අවට ජනතාව මෙතෙක් කාලයක්  එකමුතුව කටයුතු කළා. නමුත් මෑතකදී පිටතින් කණ්ඩායමක් පැමිණ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටිනවා. ඒ පිළිබඳව ද අවධානය යොමු විය යුතුයි.‍



අදහස් (13)

ජනපතිට සියලු දෙනා සහය දිය යුතුයි

Perakum Wednesday, 30 August 2023 04:34 PM

බුදු දහමට මක්උනත් මොකෝ සුලු ජාතික චන්ද ටික අරන් දීල මෙයා නැවතත් පත්කරගමු.

:       10       8

Nimesh Wednesday, 30 August 2023 04:37 PM

ඔය අසීරු කාලේ ඇති කරෙත් උන්දැ ම තමයි කියල අපිනම් දන්නවා

:       8       12

chandima Wednesday, 30 August 2023 04:45 PM

මොකක්ද හාමුදුරුවනෙ කරාපු දැවන්ත කාර්ය භාරෙ? විස්තර ඇතුව කියන්නකො මලාට පස්සෙ පොතක්වත් ගහන්න?

:       4       11

Rata Perata Wednesday, 30 August 2023 04:48 PM

වැටහීමක් නැත්තේ ආණමඩුවේ ධම්මදස්සී ට මිසක් ජනතාව්ටා නෙමෙයි .රනිල් කියන්නේ අද ඊයේ ආව මිනිහෙක් නමෙයි නේ ?අවුරුදු 40 ක් තිස්සේ ඉන්න මිනිහෙක් .කෝ කරන්න පුළුවන් උනාද ?හාමුදුරුවෝ බණක් භාවනාවක් කරගෙන ඉන්නවා නම් හොඳයි එක එකාට කඩේ යන් නැතුව

:       3       9

අමල් Wednesday, 30 August 2023 05:37 PM

මලික් ළඟ ඉන්නකොට මට තියෙන සහනය, ඇයි සාගල ළඟ ඉන්නකොට නැත්තේ?

:       1       5

Srimal Krunaratne Wednesday, 30 August 2023 06:27 PM

නොදෝකින්

:       2       9

ජගත් ලියනගේ Wednesday, 30 August 2023 09:46 PM

හාමුදුරුවන්ට ඩියුටි free permit එකකට ආස හිතිලා .

:       2       12

ගමේ එකාලා Thursday, 31 August 2023 12:00 AM

..කාටවත් කියන්නේ තමුන්ගේ සහය තිබුණම මදෑ.දූෂිත දේසපාලුවගේ කෙරුවාවල් ගැන ජනතාවට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. කාගේ කාගෙත් හැටි අපි හොන්දාකාරවම දන්නවා.

:       3       10

Chathuri Thursday, 31 August 2023 06:05 AM

දැන් පටන් ගත්තාද. නැවත හොරුන්ට කඩේ යන්න. ජනතාවට පැහැදිලි කරලා දෙන්න. මේ නාකි ටික වට වෙලා රට හිගමනට පත් කරලා. තියෙන එක. හොරුන්ව ආරාක්දා කරන එකම නායකයා. මේයාට උද්ව් කරන්න නෙමේ ඕන අනිත් උන් ටික ත් එක්ක. හිරගෙදරට අරින්න.

:       4       11

Perakum Thursday, 31 August 2023 09:34 AM

ඒක හරි මහනායක හිමිවරු මහන්සිවෙලා කොහොමහරි මෙයා නැවතත් ජනාදිපති කරවමු. බුදුදහමට මොක උනාම මොකෝ…!

:       4       7

Objectively Speaking Thursday, 31 August 2023 09:49 AM

බුද්ධාගමේ හේතුවට හා ප්‍රතිවිපාකයට පටහැනිව අතාර්කිකත්වය වෙනුවෙන් පෙනී සිටින බෞද්ධ පැවිද්දන් රටේ අර්බුදයට හේතුව මෙයයි.

:       2       9

Pradeep Thursday, 31 August 2023 10:02 AM

මේවට හිනා වෙන්න ඕන පස්ස පැත්තෙන්....

:       2       9

පූර්ණ Thursday, 31 August 2023 12:51 PM

සෘජුපටිපන්න ගුණය ගෑවිලාවත් නැති, ඇට නැති දිව හැම පැත්තටම නවන, එන එන දේශපාලුවන්ගෙ හොරිකහන, මෙහෙම අයගෙන් බෞද්ධයාට සිදුවන සෙතක් නම් නොපෙනේ. දේශපාලකයො තමන්ව යහමින් පාවිච්චිකරනව කියලවත් නොතේරෙන බබ්බු.. වෙච්චි විපතක තරම..

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site