IMG-LOGO

ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

1917 දී ශ්‍රී ලංකාවට බාලදක්ෂිකා සංගමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියක් වන ජෙනී කැල්වර්ලි මෙනවිය පළමු බාලදක්ෂිකා කණ්ඩායම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ආරම්භ කළාය.

ඒ අනුව ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ආරම්භ කර වසර 106ක් පිරෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ කොඩි දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනී ආචාර්ය ශාන්ති විල්සන්, සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් සහ විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ අංශයේ බාලදක්ෂිකා නායිකාවක් වන වසන්තා සරෝජනි හේමසිංහ මහත්මිහු ජනාධිපතිවරයා වෙත කොඩිය පිළිගැන්වූහ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය නියෝජනය කරමින් බාලදක්ෂිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 27 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site