(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා පුංචි ඡන්දය කල් දමන්නේ නොවැම්බර් 18දාට ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් බව ඇතැමුන් කීවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයන් පත් නොවුණු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට වසර හතරෙන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
නොවැම්බර් 18 ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවට ජනාධිපතිවරයාට රාජකීය ලණුවක් දී ඇත්තේ ව්‍යවස්ථාව හරි හැටි නොකියවූ ගොඩ පෙරකදෝරුවෙක් විය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බව කී මන්ත්‍රීවරයා එසේ නොකළොත් ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් පැවසීය.
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රජයේ සේවකයන් නාමයෝජනා දින සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු නමුත්, නාමයෝජනා දින සිට සති 7ක් ඇතුලත මැතිවරණය පවත්වනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඡන්දය ඉල්ලන රාජ්‍ය සේවකයන්ට මාස ගණනක් වැටුප් රහිතව සිටීමට සිදුවීම අසාධාරණයක් බව ද හෙතෙම කීවේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට ගොඩපෙරකදෝරුවෙක් රාජකීය ලණුවක්දීලා
fairoos Wednesday, 22 February 2023 05:59 PM
ඔයාලගේ ලණු කාපු ගෝඨාභයට තමයි අන්තිමට රටිනුත් පැනලා යන්න වුණේ...
අගුපිලගේ Wednesday, 22 February 2023 07:12 PM
මේ උන්නැහේ ඔහෙත් පෙරකදෝරුවෙක් කියලා අහලා තියෙනවා... මම නොදන්නා නිසා අහන්නේ ඔහේ කියන ආකාරයට ගොඩ පෙරකදෝරුවෙක් ඉන්නවා නම් මඩ පෙරකදෝරුවොත් ඇති නේද?
ගනේගොඩ Thursday, 23 February 2023 11:00 AM
කරුණාවෙන් සවන්දෙන්න..! පොහොට්ටුවේ හිටපු ගොඩපෙරකදෝරු උදය ගම්මන්පිල කතා කරයි !