IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ජනපතිට - අකිලට ජන ප්‍රසාදක සම්මාන

ශ්‍රී  ලංකා ප්‍රාචීන  භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (29)  පැවැත්විණි.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමිපාණන් වහන්සේ වෙත සම්මාන පණ්ඩිත උපාධිය ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත  ‘විබුධ ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය පිරිනැමිණි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විද්වත් ජන ප්‍රසාදක’ සම්මාන උපාධිය  පිරිනැමිණි.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (17)

ජනපතිට - අකිලට ජන ප්‍රසාදක සම්මාන

Raveendra Thursday, 29 August 2019 12:55 PM

අනේ මන්දා ඔය සම්මානවල නිර්නායකයන් මොනවද කියල...? හරියට මේකත් අර කැළණිය පැත්තේ ලැබුණු ආචාර්යය පට්ටම වගේද කියල හිතෙනවා .

:       15       354

sam Thursday, 29 August 2019 01:08 PM

අබුද්දස්ස කාලේ ....

:       9       231

SUNIL MILANO Thursday, 29 August 2019 01:31 PM

ජන අප්‍රසාදයට ලක්වෙලා ඉන්න කොටසකට මොන ජනප්‍රසාදයක්ද ?

:       33       363

රජින්ද Thursday, 29 August 2019 02:57 PM

ලංකාවේ ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් යන්න ලකුණු මදි ළමයි රස්සාවකට යනකොට අධ්‍යාපන සුදුසුකම්, හදාරලා තියෙන පාඨමාලා, මේ ඔක්කොම හොයන රටේ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙනකොට 'මම දන්නේ නැහැ' කියල ඇග බේරගන්න අයටයි දරුවන්ගේ අධ්‍යාපනේ විකෘති කරපු තමන්ගේ පුද්ගලික මත අච්චු පොත්වලට දාල පාසලත් දේශපාලනීකරණය කරපු පසුගිය අවුරුදු 4ට රට අගාධයට මෙහෙයවපු අයට ගෞරව සම්මාන දෙනවා. මෙහෙම රටක ඉන්න හිතෙනවද?

:       172       224

විජිත් Thursday, 29 August 2019 03:07 PM

වැරදීමක් ...!!! අකිල කාරියවසම් මහතාට පිරිනැමුණේ ‘විද්වත් ජන ප්‍රසාදක’ සම්මානය නොව එය " ටැබ් ප්‍රසාදිනී " ලෙස නිවැරදි විය යුතුය.

:       44       108

Raveendra Thursday, 29 August 2019 03:21 PM

අර පට්ටම්ද මේ පට්ටම්ද ලැබුනත් අප සැමට..// සිත්තුල තිබෙන පට්ටම් නම් අටපට්ටම් ය..// ඇත්තටම අපි සුදුසුද නැද්ද දන්නෝ නොදන්නේද ..//

:       0       79

gamunu Friday, 30 August 2019 12:50 AM

ජන ප්‍රසාදක සම්මාන නම් එමටයි. නමුත් මහජන චන්ද වලට බයයි.

:       103       168

thushara Friday, 30 August 2019 05:26 AM

ඔන්න ආය 10 සමත් ග්‍රාමසේවක කියන්න එපා . දැන් උපාධිධාරී ග්‍රාමසේවක

:       0       75

kamal Friday, 30 August 2019 08:29 AM

මුරුංගා අත්තේ තව කොච්චර කාලයකටද ?

:       0       77

chandima Friday, 30 August 2019 01:55 PM

ජන අප්‍රසාදය = ජ (න්අ) (අ) ප්‍රසාදය... වචන දෙක සන්ධි කරද්දී එ්ක යන්නක් ලොප් කළාම ජනප්‍රසාදය. ඇත්තටම සම්මාන දීලා තියෙන්නේ වැඩිම අප්‍රසාදයක් ඇති අය තෝරලා...

:       0       26

chandima Friday, 30 August 2019 01:56 PM

ඉස්කෝල පොත්වලට දාපු මුහුණ ඔයිට වැඩියෙන් තෙල් බේරිච්ච ගතියක් තිබුණා නේද?

:       0       18

Indrani Friday, 30 August 2019 03:33 PM

කොහේ තියෙන සම්මානද මේවා...? මම නම් ඇහුවෙත් අද තමා

:       0       26

menna Sunday, 01 September 2019 06:49 AM

ජනපතිතුමා නැවත ජනාධිපතිකමට ඉල්ලන්නේ නැත්නම් හැමෝම එක එක ගොඩනැගිලි හදලා තමන්ගේ නම දාගන්න එකේ. යන්න කලින් ලංකාව ඉස්සරහින් තියෙන "ශ්‍රී" කැල්ල අයින් කරලා සිරි ලංකාවක් කරලා යන්න.

:       0       0

Prabha Sunday, 01 September 2019 11:47 AM

ජනප්‍රසාදය බලාගන්න හාමුදුරුවනේ වඩින්නකෝ පොඩ්ඩකට මේ පැත්තට...

:       0       1

CHANDIMA Sunday, 01 September 2019 05:28 PM

ජනාධිපතිවරණයට එජාපයෙන් එන තරුණ නායකයා අකිල කියනවා නේද? හොඳ විශ්වාසවන්ත සුවච, කීකරු පාක්ෂිකයෙක් නිසා ඒ කතාවේ අැත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා.

:       0       0

Mahesh Sunday, 01 September 2019 09:08 PM

අධ්‍යාපනය විනාශ කිර්‍රිම හා පාසැල් පද්දතිය කඩා වැට්ටවීම නිසාද මේ සම්මානය. ගුරුවරු හා සියලු අධ්‍යාපන වෘත්තිකයන් මේ නිසි අත්දැකීමක් නොමැති නිල් ඇස් ලමයා නිසා අසරන වී ඇති බව පමනක් සදහන් කල හැකිය.

:       0       0

ධම්ම Monday, 02 September 2019 09:01 AM

තමන් ඒ ක්ලොක් එකට සුදුසු නැති බව දන්නා බව ලොකු දෙයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site