IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපතිගේ විශේෂ ප්‍රකාශය ජනතාව මුලා කිරීමක්

 

(යොහාන් භාසුර)

ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ජපානය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (7) පැවසීය.

එම ප්‍රකාශය කළ වාහාම ජපානය එවැනි එකඟතාවක් නොමැති යැයි නිවේදනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එකඟ වෙන්න යැයි ඉල්ලීමක් කළ බවට ප්‍රකාශය වෙනස් කර ඇති බව කී ජයගොඩ මහතා එම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා  පැහැදිළිවම ජපානය එකඟ වීම මහ ජයග්‍රහණයක් යැයි පැවසූ බව ද සඳහන් කළේය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාත්‍යන්තර ජය ගැනීමට නොහැකි යැයි ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයෙන් වඩාත් පැහැදිළි වන බව කී ජයගොඩ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ජිනිවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7 ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20 ක් ලැබූ බවත්ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී  පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය. 



අදහස් (7)

ජනපතිගේ විශේෂ ප්‍රකාශය ජනතාව මුලා කිරීමක්

පිටරැටියා Friday, 07 October 2022 05:59 PM

134 දෙනාගේ පැවැත්මට පත්කර ගත්තු පින් ජනපතිගෙන් රටට වැඩක් වෙන එකක් නැහැ...!

:       275       155

sisil Friday, 07 October 2022 06:18 PM

ශ්‍රී ලංකාව ජිනීවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20ක් ලැබීමට සහ ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයද වගකිව යුතුවේ...!

:       85       266

Prabath Friday, 07 October 2022 06:27 PM

කවුද මෙයාට අධ්‍යාපන ලේකම් කමක් දුන්නේ. ඔවුන්ම පක්ෂ හදාගෙන ඔවුන්ම ලේකම් වෙලා ඔවුන්ම කියනවා. අධ්‍යාපන ලේකම්ගේ හැටි විතරක්... මොවුනුයි, ජවිපෙ කාරයිනුයි තමයි රට කන්නේ. මොවුන්, ජවිපය, ආනන්ද පාලිත, ජෝෂප් ස්ටාලින්, ජයසිංහ, IUSF එක, GMOA එක, අනෙක් සියලුම යූනියන්ස් තමයි මේ රට කන්නේ.. කෑවේ... !

:       49       236

සෙනෙවිරත්න Friday, 07 October 2022 07:46 PM

වෛද්‍ය සංගමය පෝර නවත්තපු එකට කැමැතිද? ඔයා අකමැති වුණාට යූනියන් සේවක අයිතියක්. ඕවාට අතගහන්න ගිහින් තමයි ජිනීවවල පරදන්නේ... යූනියන් රට කෑවේ නැහැ. ඔයාලා පත්කරපු නායකයින් මිසක්...!

:       78       101

PrabathSaturday, 08 October 2022 12:41 PM

මතක තියාගන්න රට කාපු පාලකයෝ නෙවෙයි, රාජ්‍ය සේවකයෝ සහ ඔය යූනියන් ටික.. රාජ්‍ය සේවකයෝ හරියට හිටියා නම් රට ගොඩ. ඔක්කොම පුද්ගලික කරන්න ඕනේ අධ්‍යාපනය සහ සෞඛ්‍යයත් එක්ක.

:       1       7

සුජානිSaturday, 08 October 2022 07:39 AM

පක්ෂයක් හදාගෙන අධ්‍යාපන ලේකම් කියනවා නමුත් රනිල් වගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක්වත් ගන්න ජනතා කැමැත්තක් මොවුන්ට නැහැ... අඩුම තරමින් පළාත් පාලන නියෝජිතයෙක් වෙන්නවත් මෙයාට ඡන්දය නැහැ. ඒ වුණාට රට කෑමට දක්ෂතා තියෙනවා. මේ කාළකණ්නි තමා මේ රට කන්නේ...!

:       1       8

Rohan Perera Friday, 07 October 2022 09:47 PM

සුපුරුදු පෙරටුගාමී මෝඩ කතා...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site