IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපතිගේ යාපන ගමනට විරෝධය පාති

(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනයේ සංචාරයට විරෝධය පාමින්  යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාවය අරසඩි මාර්ගය හරහා යාපනය නගරයට පැමිණි අතර විශ්වවිද්‍යාල සිසුන් සහ යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙන්ම යාපනයේ සිවිල් සංවිධාන කිහිපයක්ද එයට එක්ව තිබුණි.

අනතුරුව අදාල විරෝධතාවය මැඩපැවත්වීම සඳහා යාපනය පොලීසිය කැඳවා තිබුණද විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම මත පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබූ අතර එහිදී විරෝධතා කරුවන් මැඩපැවත්වීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක්ද එල්ල කරනු ලැබීය.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ යුද්දයෙන් පසුව වසර 13 ක් ගත වුවද දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් කිසිදු විසඳුමක් ලබා නොදීමත් දෙමළ ජනතාවට විසඳුම් ලබාදීම සඳහා කිසිදු රජයක් හෝ වත්මන් රජය පියවර නොගැනීම හේතුවෙන් රටේ නායකයාට යාපනය දිස්ත්‍රීක්කයේ තෛයිපෝංගල් සැමරුම සිදුකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවටය.

 

 



අදහස් (4)

ජනපතිගේ යාපන ගමනට විරෝධය පාති

මැක්ස් Sunday, 15 January 2023 10:17 PM

දෙමළ ජනතාවගේ ගැටළු යනුවෙන් අමුතු ගැටළුවක් වේ ද? දකුණට ඇති එහෙත් උතුරට නැති කිසිවක් තිබේ ද? පොලිස් බලතල, ඉඩම් බලතල දෙමළ ජාතිවාදී දේශපාලකයනට ලබා දීම මගින් දෙමළ සාමාන්‍ය ජනයාට අත් වන සෙතක් වේ ද? යුද්ධයෙන් බැට කෑවේ දෙමළ ජනතාව පමණ ද? මෙරට සම්බන්ධයෙන් අවුරුදු 300ක පමණ තෝම්බු ඉතිහාසයක් පමණක් ඇති විග්නේශ්වරන්ගේ ඊනියා ඉතිහාස කතාවෙන් ඇස් නිලංකාර කර ගත්ත වුනගේ "ඉල්ලීම්" වලට ඉඩ දී දැනට තිබෙන සන්හිදියාවත් නැති කර ගැනීමට කටයුතු කරනවා දයි පාලකයන් කල්පනාවට ගත යුතු ය.

:       1       0

sampath Sunday, 15 January 2023 10:39 PM

රටේ ජනාධිපතිවරයාට ඕනෙම තීරණයකට යන්න පුළුවන් වෙන්න ඕන මේ අය නාඩගමකට ලැහැස්ති වෙනවා.

:       0       1

senaMonday, 16 January 2023 12:48 PM

රටේ ජනාධිපතිවරයා පත් කරන්නේ මහජනතාව විසින් මහජනතාවගේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්න.

:       0       1

Sunil Monday, 16 January 2023 11:45 AM

විරෝධය පාලා මදි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site