IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි

(තරිඳු ජයවර්ධන සහ තිලිණි ද සිලිවා)

පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.


ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් කිහිපයක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය එම නියෝගය කළේය.

අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ සහ අද මෙම පෙත්සම් කැඳවිණි.

පෙත්සම් විභාගය දෙසැම්බර් 04,05 සහ 06 පැවැත්වීමට ද නියෝග කෙරිණි.

ඒ වන තෙක් මැතිවරණ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.

ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා

නඩු තීන්දුවෙන් පසු

 



අදහස් (26)

ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි

මධු Tuesday, 13 November 2018 12:41 PM

ලංකාව කියන රටේ, ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා නම් ඒ අධිකරණය විතරයි...

:       0       0

Ravi Tuesday, 13 November 2018 12:42 PM

නියමයි. අපි තාමත් අධිකරණය විශ්වාස කරනවා..

:       0       0

sunilg Tuesday, 13 November 2018 12:45 PM

ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ආචාරය...!

:       0       0

රවින් Tuesday, 13 November 2018 12:48 PM

ඔන්න වැඩේ පටන්ගන්න හොඳම වෙලාව...

:       0       0

sandy123 Tuesday, 13 November 2018 12:49 PM

හදපත්ලෙන්ම හෘදයාංගම ස්තුතිය පුදකරමි.

:       0       0

Chaminda Tuesday, 13 November 2018 12:52 PM

මහමැතිවරණය තියන්නේ ජනවාරි 5නේ... දෙසැම්බර් 18 වැනිදා මහමැතිවරණයක් නැහැනේ...

:       0       0

ගල්කටස් Tuesday, 13 November 2018 12:52 PM

දැන් මොකද වෙන්නේ පාර්ලිමේන්තුවකුත් නැහැ... ඡන්දයකුත් නැහැ. රටම අරාජික වුණා වගේ.. තීන්දුව දෙන්නත් මාසයක් තියෙනවා. එ් කියන්නේ රට දේශපාලන වශයෙන් අස්ථාවරයි. රටට ඉතා බින්දුවම තමයි. හැමෝටම රට ගැන හැගීම් නැහැ. අාදරයක් නැහැ. පුළුවන් නම් එ්කත් විකුණලා දාවි...

:       0       0

Rumesh Tuesday, 13 November 2018 12:55 PM

තාවකාලිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කර ඇත.

:       0       0

Nishantha Tuesday, 13 November 2018 01:00 PM

ජනාධිපති මෛත්‍රි හන්දා හොඳට ගියා. මහින්ද මහත්තයා ජනාධිපති වුණානම් එහෙම...

:       0       0

amila Tuesday, 13 November 2018 01:00 PM

දැන් ජනපතිට පක්ෂයක් නෑ.. ඒක නිසා මුලින්ම එතුමා ඉල්ලා අස් වෙලා ජනාධිපතිවරණයක් තියන්න ඕනෑ. බලේ රැකගන්න එහාටයි, මෙහාටයි සෙල්ලම් කරකර මුළු රටම අනතුරේ දාලා තියෙන්නේ මේ වෙලාවේ... සුදුස්සෙක් ජනපති වුණාට පස්සේ පුළුවන් මහා මැතිවරණෙකින් ආණ්ඩුවක් පත් කර ගන්න.

:       0       0

mca Tuesday, 13 November 2018 01:01 PM

ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා... ඉදිරියටම යමු.. ජයවේවා !!!

:       0       0

weerakoon Tuesday, 13 November 2018 01:01 PM

ජනපතිගේ උපදේශකවරු එතුමා නොමග යවලා වගේ...

:       0       0

wijebahu Tuesday, 13 November 2018 01:02 PM

තවම ස්වාධීන අධිකරණයක් තිබීම ගැන සතුටුයි. ජනාධිපති සරත් සිල්වාගේ දිරච්ච ලණුවලට රැවටුණු බව මුළු ලංකාවම දන්නවා.

:       0       0

karolis Tuesday, 13 November 2018 01:02 PM

ප්‍රශ්නේ එන්න එන්න දරුණු වෙනවා. රටක් ඉතුරු වෙයිද මන්දා ප්‍රශ්නේ විසඳෙන කොට...

:       0       0

Jeenuka Tuesday, 13 November 2018 01:04 PM

දිනපතා නඩු අහන මේ රටේ ඇයි මේ කාරණාව දින 35ක් කල්දැම්මේ?

:       0       0

ඇම්. සුසිරිවර්දන Tuesday, 13 November 2018 01:13 PM

ගරු ජනාධිපතිතුමා තම ක්‍රියාකලාපය නැවත විමර්ශනය කොට, සුපුරුදු ගරුත්වය නැවත ගොඩනගා ගන්නේ නම් එය ඉතා බුද්ධිමත් ක්‍රියාවක් වනු ඇත.

:       0       0

Hafeel Tuesday, 13 November 2018 01:33 PM

එකම බලාපොරුත්තුව රටටත්, ජනතාවටත් සාධාරණය ඉටුවිය යුතුයි. විටින් විට ඡන්ද තියන්න රටේ ආර්ථික ඔරොත්තු දෙන්නේ නැහැ. මෙතකල් ඡන්ද තියන්නෙත්, ව්‍යවස්තා සංශෝධන කලෙත් රටේ හෝ ජනතාවගේ යහපතක් සඳහා නොවෙයිනේ. වත්මන් තත්වය ඉතා පැහැදිලියි.

:       0       0

රජින්ද Tuesday, 13 November 2018 01:37 PM

මේ වෙන දේවල් දිහා බුද්ධිමත් ජනතාව සවිඥානිකව බලාගෙනයි ඉන්නේ. ජනතා තීන්දුව සියළු බලාධිකාරීන් ඉක්මවන බව රනිල් දන්නා නිසා සියලුම ශක්තිය යොදා මේ මැතිවරණය නැවත්වීමට ඔහු උත්සාහ දරයි. ජනතා පීඩනය සමනය කිරීම වෙනුවට මොවුන් ඔවුනොවුන්ගේ ඕනා එපාකම් සහ බලයම පමණක් රැකගැනීමට වෙහෙසෙයි.

:       0       0

sirimal Tuesday, 13 November 2018 01:48 PM

මීළඟ ගැසට් එක තවම අච්චු ගහලා ඉවර නැද්ද?

:       0       0

Sapumal. Tuesday, 13 November 2018 01:53 PM

අප මේ සත්‍යතාව දැනගෙන මැදිහත්ව නොබියව නීතිගරුක සත්‍ය මතය පවසා සිටියා. නීතිය නොදත් අය ඒවාට උරණ වූ අවස්ථා තිබුණා. නීතිය හා කළගුණ නොදත් ජනපති අපරාදේ මහින්ද මහතාගේ ගෞරවය විනාශ කළා.16 කල්ලිය ඇතුළු මදුරුවාට කඩුවෙන් කොටන පිරිස් දැන් හෝ ඉවත් කොට පිරිසිදු දේශපාලනයකට පැමිණ කටයුතු කිරීමට මහින්ද මහතා අදිටන් කර ගැනීම ඉතා වැදගත්...

:       0       17

Jayampathi Tuesday, 13 November 2018 03:23 PM

14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කල විට මහින්ද ඇතුළුව පොහොට්ටු කට්ටිය පාර්ලිමේන්තු යන්නේ කෙසේද? පොදුජන පෙරමුණ (පොහොට්ටුව)පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂයක් නොවේ ශ්‍රීලනිපයෙන් මොවුන් ඉවත් වී ඇති නිසා ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වනවා නේද?

:       0       0

බද්රානි Tuesday, 13 November 2018 03:45 PM

ඊයේ දිනයේ එසැණ තීරයේ පිනුම් ගහපු අර බක පණ්ඩිත නීති විසාරද ගොඩ පෙරකදෝරුවෝ රංචුව කොහෙද කියලයි මම මේ නිකමට කල්පනා කලේ? අසත්‍යය සමාජගත කිරීමට උත්සහ දැරූ මෝඩ නරුමයින්ට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!!

:       0       0

roshan pranandu Tuesday, 13 November 2018 04:50 PM

කෝ මේ අදහස් දාන කට්ටිය...?

:       0       0

Jagath Tuesday, 13 November 2018 06:27 PM

රට ඉවරයි...

:       0       0

අශාන් Tuesday, 13 November 2018 06:46 PM

ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා...!

:       0       0

gunarathna Wednesday, 14 November 2018 12:15 AM

ගැසට්ටුව අත් හිටවපු එකටද මේ සතුටින් දඟලන්නේ...? මේකට හේතුව මේ කට්ටිය හරියටම දන්නේ නැහැ... මොකද වුනේ කියලා. කටකතාවට තමා මේ සතුටු වෙන්නේ... මගේ අදහස නම් ජනාධිපති පත්කරපු අගමැති සහ ඇමැති මණ්ඩලය ගැන කිසිම සඳහනක් මේ තීන්දුවේ නැහැ. මේ පෙත්සම ඉදිරිපත් කෙරුවේ පාර්ලිමේන්තුව විසුරවපු එකට පමණි. කෙසේවෙතත් රටේ ගිනිගැනීම අවසන් වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 33 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 178 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 475 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 304 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 197 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 675 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1389 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site