IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපතිගෙන් නේස්බි සාමිවරයාට සමරු තිළිණයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයාට අද (17) පස්වරුවේ විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදී විවිධ ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගයමින් නේස්බි සාමිවරයාට එම විශේෂ සමරු තිළිණය පිරිනැමුවේය.

කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක සැසිය අතරවාරයේදී එම සමරු තිළිණය පිළිගැන්වූයේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නේස්බි සාමිවරයා එහි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.  

නේස්බි සාමිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ද හොබවා ඇත.

මෙරට පැවැති තිස් වසරක සිවිල් යුද්ධයේ අවසාන සමයේදී මෙරට හමුදාව දෙමළ ජනතාව ඝාතනය කරමින් මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තරයට කරුණු වාර්තා කරමින් නේස්බි සාමිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

යුද්ධයේ අවසාන සමයේදී සිවිල් වැසියන් 40,000ක් ඝාතනයට ලක්වූ බවත් සංහාරයක් සිදු වූ බවටත් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වූ අතර ජාත්‍යන්තරයේදී අවස්ථා ගණනාවකදීම එම චෝදනා ප්‍රතික්ෂේප කළ නේස්බි සාමිවරයා යුද්ධයේ අවසන් සමයේදී ගැටුම් නිසා සිවිල් වැසියන් 6,000කට ආසන්න පිරිසකට පමණක් ජීවිත අහිමි වූ බව පැවැසීය.

(හර්ෂණ තුෂාර සිල්වා)

(ඡායාරූප- ළහිරු හර්ෂණ) 



අදහස් (4)

ජනපතිගෙන් නේස්බි සාමිවරයාට සමරු තිළිණයක්

Chanak los angeles Tuesday, 17 September 2019 07:21 PM

මේ සාමිවරයාට පෙනීමේ දුර්වලතාවයක් ඇතැයි කියා සිතමි. දින 52ක් රට අරාජික කරලා ආර්ථිකයට මරු පහරක් එල්ල කරපු කෙනෙකුට සමරු තිළිණ දෙන්න.

:       0       0

Ratnamalala Tuesday, 17 September 2019 11:45 PM

නෙස්බි සාමි අපි වෙනුවෙන් කතාකළා. එ්කේ වාසිය ගන්න අපේ රටේ පාලකයෝ උනන්දු වුනේ නැහැ.

:       0       58

Chandana F Wednesday, 18 September 2019 04:21 AM

වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරෙකි. ඔබට ස්තුතියි...!!

:       79       1114

ඉරේෂා Wednesday, 18 September 2019 04:52 AM

සිරිසේන, දැන් එතුමා එංගලන්ත පාර්ලිමේන්තුවේදී කථා කළාම දෙමෙල්ලු කියයි මෙයා ශ්‍රී ලංකා රජයට කරන කෙනෙක් කියා...

:       202       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site