(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා (5) සම්මත කර ගැනීමට නියමිතය.
ජයම්පති වික්‍රමරත්න , අජිත් මාන්නප්පෙරුම,මුජිබර් රහුමාන්,විජේපාල හෙට්ටිආරච්චි , හර්ෂණ රාජකරුණා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මයන්ත දිසානායක යන එජාප මන්ත්‍රීවරුන් හත් දෙනාගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාරදී ඇති මෙම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු න්‍යය පත්‍රයටද ඇතුළත් කර ඇත.
2018 ඔක්තෝම්බර් 26 වැනිදින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ හෙයින්ද 2018 නොවැම්බර් 14 වැනිදා සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත් කර 2018 නොවැම්බර් 16 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම යෝජනාව සම්මත වූ හෙයින්ද ඒ අනුව 2018 නොවැම්බර් මස 14 වැනි දින සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත් කර ඇති හෙයින්ද 2018 නොවැම්බර් 16 වැනි දින සම්මත වූ යෝජනාව හරියාකාරව මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් වී ඇති හෙයින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටිති යනුවෙන් ඒ යෝජනාවේ සඳහන් වෙයි.
2025 නොවැම්බර් මස 04
28
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිගෙන් ඉල්ලීමකට යෝජනාවක්