IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනාධිපති ලේකම් - ලංකා බැංකු සේවක හමුවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24)  පැවැත්විණි.

වර්තමානයේ  බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය.

මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ  මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ජනාධිපති ලේකම් - ලංකා බැංකු සේවක හමුවක්

සෙනෙවිරත්න Tuesday, 24 June 2025 05:04 PM

ඔය තක්කඩි සංගමයත් එක්ක කතා කළාට කමක් නැහැ. හැබැයි කියන ඒවා කරන්න එපා. ඔය අයගේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ පළමුව සංගමය නොවෙයි එහෙම නම් කමක් නැහැ කියමු. තියෙන්නේ තමන්ට කත් අදින අයට බෙදිල්ල, දෙවනුව තෙවනුව බැංකුව. තමන් තොරාගත් අයට උසස්වීම් ගන්න හැකිවෙන විදියට විභාග සුදුකම් වෙනස් කිරීම, බැංකුවල ලොක්කන් බයකරගෙන තමන් තෝරාගත් අයට උසස්වීම් දෙන එක. බැංකුවේ යහපත, මූල්‍ය තත්වය ගැන නොසිතා තමන්ට ලකුණු දාගන්න වරප්‍රසාද අරගෙන දෙන එක. ඒවගේ දේවල්. ඔය සංගමය කරපු අමන වැඩ නිසා බැංකු කීයක සේවකයින් මානව හිමිකම් නඩු කියනවාද? ඔය සංගමය ගණන් ගන්න එපා... ඔයාලා ස්ට්‍රයික් කළත් ඒක පවතින්නේ නැහැ. සේවකයො එතැන නැහැ..!

:       1       2

පුරවැසියන් Tuesday, 24 June 2025 05:06 PM

බැංකුවල උසස්වීම් දෙනකොට සංගමයට හිතවත් ලැයිස්තුවක් සහ පාලකයින්ට හිතවත් ලැයිස්තුවක්යන දෙක මත උසස්වීම් දීලා බහුතරයට අසාධාරණකම් කරන තක්කඩි සංගමය, ඔය අය කියන ඒවා හොඳ ඒවා වෙන්න බැහැ...!

:       0       2

PGPTHILAK Tuesday, 24 June 2025 05:39 PM

කාලකන්නි මහජන මුදල් මංකොල්ල කන්න කල්ලි ගැහිලා රට නැත්තටම නැතිකර දමපල්ලා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site