
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල, මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි වල අන්තර්ගතය වගකීම් සහගතව, ස්වාධීනව සහ ග්‍රාහක අපේක්ෂාවන්ට සංවේදී වන අයුරින් පවත්වා ගෙන යාමේ අරමුණින් මාධ්‍යවේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පවත්වා ඇති නමුත් 2019 වර්ෂයෙන් අනතුරුව එම සම්මාන උළෙල පවත්වා නොමැත. එකී සම්මාන උළෙල මෙම වර්ෂයේ සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා 2023 වර්ෂයට අදාළ නිර්මාණ පදනම් කර ගනිමින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ.
ඒ අනුව, 2025-11-11 දින ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීම සඳහාත්, එහි දී ජයග්‍රාහකයෙකු සඳහා පිරිනමනු ලබන මුදල් ත්‍යාගය රුපියල් 100,000 දක්වා සහ ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන යාවජීව සම්මානය සඳහා පිරිනමනු ලබන මුදල් ත්‍යාගය රුපියල් 400,000 දක්වා වැඩි කිරීම සඳහාත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ තෑගි වැඩි කරයි