IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.

ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා යෝජනා කළ අතර  හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.

ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා  යෝජනා කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එම යෝජනාව ස්ථිර කිරීම විශේෂත්වයක් විය.

ජනාධිපතිවරණය සඳහා තමා ද ඉදිරිපත් වන පෙර බව මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.

ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට එම පක්ෂය අද  තීරණය කර ඇත.

 



අදහස් (23)

ජනාධිපති ධුරයට නම් තුනක්:සජබ සහාය ඩලස්ට

aruna Tuesday, 19 July 2022 10:30 AM

අවස්ථාවාදීන්ට දැන් සැපද?

:       0       0

මහසෙන් Tuesday, 19 July 2022 10:36 AM

පියාණෝගේ නාමයෙන් මේ පාරත් බේරුණා නේද? දැන් ඉතින් බරවචන දාලා කියයි නොඉල්ලපු හේතුව. ඊයේ වෙනකම්ම කිව්වේ ඉල්ලනවා කියලා නේද? පක්ෂයේ කට්ටියම. මෙයා හොඳ කයියට විතරයි...

:       15       18

nimalTuesday, 19 July 2022 04:07 PM

රනිල්, සජිත්, ඩලස් තිදෙනාගෙන් කවුරුන් ජනපති වුවද අගමැති තනතුර බලාපොරොත්තුවෙන් සජිත් නාමයෝජනා බාරදී නැත.

:       1       4

සිල්වා Tuesday, 19 July 2022 11:30 AM

ජයවේවා ජයවේවා ජයවේවා...! 

:       4       12

JANABALA ASAMAGITuesday, 19 July 2022 02:56 PM

පොහොට්ටුවටද?

:       1       2

Sanath KandyTuesday, 19 July 2022 03:06 PM

රනිල්, ඩලස් දෙන්නම අනිවාර්යයෙන් රාජපක්ෂලා ආරක්ෂා කරනවා. ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ අනුර දිසානායක පමණි.

:       8       11

asoka Tuesday, 19 July 2022 11:36 AM

මීට පෙර කීප වතාවක් රටේ නායකයෝ වෙලා රට විනාශ කරපු අය ප්‍රතික්ෂේප කරන්න හොඳ වෙලාවක්...

:       6       31

fairoos Tuesday, 19 July 2022 12:24 PM

අනේ පව් ෆොන්සේකා..!

:       25       15

kamalTuesday, 19 July 2022 02:39 PM

අනේ පවු අපි ඔක්කෝටම...!

:       2       18

Lelwala Tuesday, 19 July 2022 01:34 PM

රනිල් තමයි ඊළඟ ජනාධිපති...

:       44       33

කිරි පුතා Tuesday, 19 July 2022 01:35 PM

ඩලස් මහතා පමණයි දැනට ටිකක් විශ්වාස කළ හැකි කෙනෙකුට ඉන්නේ... පක්ෂයක් තිබුණත් අන්තවාදීව පක්ෂය බදාගෙන ඉන්නේ නෑ. හරි වැරැද්ද දකිනවා. බලමු. පාර්ලිමේන්තුව ඇතුලේ සල්ලි මළු මළු හුවමාරු වෙලාද දන්නේ නෑනේ එක්කෙනෙක් දිනවන්න. ඒකනේ ක්‍රමය...!

:       24       31

ANURATuesday, 19 July 2022 02:55 PM

ඔව්, ඔව් ජබොස් මහත්තයා උගත්... වැඩනම් කොහොමද දන්නේ නැහැ..? නමුත් මෙදාපාර අපි මුට්ටිය අල්ලන්න හිතාගෙන ඉන්නේ රනිල් මහත්තයාට පොහොට්ටුව බේරගන්නත් එපෑයෑ..

:       3       1

bamunuarachchiTuesday, 19 July 2022 06:04 PM

මුට්ටිය රනිල්ට අල්ලා පඩික්කම අනුරට අල්ලන්න...

:       0       0

nanda Tuesday, 19 July 2022 01:44 PM

බල තණ්හාවෙන් කෙටි මාර්ග ඔස්සේ යන්න උත්සාහ අරන් ඇණගන්නේ මේ වතාවේ. කී වතාවක් අගමැති වෙලා හිටියද? හැම අවස්ථාවේම ජනතාවට එපාවෙලා ප්‍රතික්ෂේප වුණා.

:       16       29

siri Tuesday, 19 July 2022 02:05 PM

අගෝස්තු වෙනකොට හිටපු එක්කෙනා අපහු එනවා කියලා වාර්තා කර තියෙනවා දැක්කා. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ඕනෑ එක්කෙනා දිනනවා කියන එක වෙන්න බැරි නැද්ද? මොකද්ද දන්නේ නෑ ඇවිත් කරන්න යන වැඩේ...?

:       4       16

lakvidu Tuesday, 19 July 2022 02:12 PM

අනුර කුමාර ඉල්ලුවොත් රනිල්ට වාසියි..

:       6       17

amila Tuesday, 19 July 2022 02:12 PM

ඩලස්, අනුර දෙන්නම පරදිනවා... මේක කියන්න ලක්ෂ ගාණක් වියදම් කරලා පාර්ලිමේන්තුව රැස්කරලා ඡන්ද තියන්න ඕනෑද? අපරාදෙ මිනිස්සුන්ගේ සල්ලි...? ප්‍රතික්ෂේප වූ පාර්ලිමේන්තුවකින් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් බලයට එනවා... අරගලය පරාදයි... රටේ මිනිස්සු පරාදයි.

:       22       15

kamalTuesday, 19 July 2022 02:45 PM

පරාජය ජයග්‍රහණයේ ආරම්භයයි. ජයගන්නා අතරතුර අරගලය ගෙනියනවා. උදාසීන කම්මැලියා සදාකාලික පරාජිතයෙකි...

:       2       7

siri Tuesday, 19 July 2022 02:18 PM

පක්ෂ දේශපාලනයට එනකොට ගත්තා ඇති දැන්... රට මේ නිසා අන්තයට පිරිහුණා. විපක්ෂ නායකයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් යෝජනා කිරීම හොඳ ප්‍රවේශයක්... එකතුවෙලා රට හදන එක තම රටේ අනාගත දරුවන් වෙනුවෙන් කළ යුතුව ඇත්තේ...

:       7       19

ganegoda Tuesday, 19 July 2022 03:29 PM

මේ තුන් දෙනාගෙන් අපි තෝරගත්තේ අනුර..! අනිත් දෙන්නම හිටපු ප්‍රසිද්ධ හොරු නිසා...

:       12       6

kamalTuesday, 19 July 2022 04:45 PM

ඔව් ඔව් එයාටත් හොරකම් කරන්න අපව්ස්තාවක් දෙන්න එපැයි. ආරක්සාවට පිටරට යවපු පුතාට ඩොලරුත් නැතුව ඇතිනේ.

:       0       0

ගමේ එකාලා Tuesday, 19 July 2022 04:07 PM

රනිල්ට නම් ජනතාවගේ අප්‍රසාදය රටපුරාම... පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන් ගැන තමා කියන්න බැරි.. ඩලස් චින්තනේ ගැනත් විශ්වාස නැහැ. අනුර කෙළින් කතාකරන නිසා අකමැති අයත් ඉන්නවා...

:       5       3

Lelwala Tuesday, 19 July 2022 04:28 PM

ලැජ්ජා සහගත වැඩක්... මන්ත්‍රීවරයෙක් යටතේ විපක්ෂනායක වැඩකරන්න යන්න වීම ගැන...

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 595 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site