IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවත් 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය කර බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගත් බව කී රණවක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ වූ බව ද ඒ මහතා සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බවත් එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (16)

ජනාධිපතිවරණය ආසන්නයේ ජාති ආගම් භේද ඇවිස්සිය හැකියි

Achini Saturday, 30 March 2024 10:45 AM

අන්තිමට සිංහල ජාතියම වඳකරලා ගියේ...

:       65       14

ගල් අගූරු නිනිජා Saturday, 30 March 2024 11:15 AM

දේශපාලනේට ආවේම ජාතිවාදය විකුණලා. නොම්මර එකේ කෙනෙක්... පරදින්නේ ඇප නැතුව...

:       5       52

G,ajith Saturday, 30 March 2024 12:17 PM

ඔන්න ඔන්න පරණ තැටියම වාදනය කරන්න පටන් ගත්තා... ඇත්තටම වෙන මාතෘකාවක් ඇත්තටම නැද්ද කතාකරන්න...

:       4       36

අනුරුද්ධ Saturday, 30 March 2024 12:55 PM

පාඨලී කියන්නෙ මොකක්ද ගජිත්. මට හිතෙන්නේ පාඨලී කියන්නේ දේශපාලන කටයුතු සඳහා ජාති, ආගම්, කුලමල බේද යොදාගැනීම පාලනය කරන්න කියලා තමයි. මුලින්ම 1956 තමන්ගේ බලය සඳහා තමයි ජාති ආගම් භාෂා ප්‍රශ්නයක් ඇදගෙන කටයුතු ආරම්භ කළේ...

:       2       34

සිල්වා Saturday, 30 March 2024 12:31 PM

ජාතිවාදයෙන් රටක් දියුණු කළ නොහැකිය...

:       1       33

Rumesh Saturday, 30 March 2024 12:54 PM

මේ සැරේ කියලාම කරන්න වගේ හදන්නේ...

:       2       27

Perera Saturday, 30 March 2024 01:08 PM

හෙළ උරුමය කියන පක්ෂයට නම දානකොට හෙළයින් නොවන අය රටේ ඉන්නවා කියලා හිතපු නැති කෙනා දැන් එනවා අනිත් අය ජාතිවාදය අවුස්සන කතා ගැන රටට කියන්න.

:       2       30

Shelton Sunday, 31 March 2024 10:00 AM

ජාති, ආගම් වාදයේ නූතන නිර්මාතෘවරයා. අර තමන්ගේ හිසමත කුණු තියාගෙන ඉස්සා අනිත් එවුන්ට අපහාස කරනවාලු. සිංහල උරුමයක් කියලා නමින්ම ජාතිවාදී අනන්‍යතාවයක් දීලා පක්ෂයක් හදපු කෙනා. ගංගාරාමයේ සෝමේ හෘද රෝගයෙන් මැරුණාම ඒක ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් කියලා සුණාමිය එනතුරුම දිවයිනේ ක්‍රිස්තියානි පල්ලි වලට බෝම්බ ගස්සවලා සිංහල උරුමය මාකට් කරන්න වලි කෑ කෙනා දැන් වැදි බණ දෙසාබානවා...

:       0       3

siri Saturday, 30 March 2024 01:09 PM

ජාති, ආගම් අවුස්සන පක්ෂයක් මුලින් හදාගෙන දේශපාලනයට ඇවිත් සංඝයා වහන්සේලාත් පාර්ලිමේන්තු එක්ක ඇවිත් විකාර නටලා දැන් රටේ නායකයා වෙන්න සිහින දකිනවා.

:       1       29

Rata Perata Saturday, 30 March 2024 01:41 PM

ජාතිවාදය තමයි රනිල්ගේ, රාජපක්ෂලාගේ එකම ඡන්ද ආයුධය...

:       38       23

සෞභාග්‍යයේ සුබ අනාගතය Saturday, 30 March 2024 02:23 PM

රනිල් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා... එතුමගේ පක්ෂයේ සියලු ජාතීන් හිටියා සියලු ආගම් අදහන පිරිස් සිටියා. විවිධ භාෂාවෙන් කටයුතු කරන අය සිටියා. එහෙම තියෙද්දී තමයි ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් අටවාගෙන ජාති, ආගම්, කුල භේද හදාගෙන කෙනෙක් රජවෙලා... අවුරුදු තිහක යුද්ධය සඳහා මග පෑදීම කළේ... පැය 24 න් සිංහල කරන්න ගිහිල්ලා මොකක්ද කළේ... නුවණැත්තෝ සිතත්වා.. ඉතින් ඒ පක්ෂයේ අනුගාමිකයින් අතර තවමත් එම අදහස් තියෙනවා. ඉන් කැඩීගියා කියලා ඔවුන්ගේ අරමුණ වෙනසක් නැහැ... හරියට කැලේ මාරුවක් වුණත් කොටියාගේ පුල්ලි මැකෙන්නේ නැහැ වගේ තමයි...

:       7       19

chandima Saturday, 30 March 2024 05:41 PM

භේද අවුස්සන කෙනා ඉන්නේ මහ පුටුවේ...!

:       1       3

ranith Sunday, 31 March 2024 06:50 AM

එක එක පක්ෂවල එල්ලිලා ඉන්නේ නැතිව ඒවාගෙන් ඉවත් වෙලා ජනමතය විමසා බලන්නකෝ... එතකොට සනීප වෙයි...

:       0       3

NASAR Sunday, 31 March 2024 06:59 AM

මෙයා තමයි ඉස්සෙල්ලාම ජාතිවාදය පතුරවලා දේශපාලනයට ආවේ.. සිංහල උරුමය කියලා පටන් අරගෙන තමයි සිංහල ජාතිවාදය අවුස්සලා මෙයා තමයි පටන් ගත්තේ...

:       0       3

Asanga samantha Sunday, 31 March 2024 10:45 AM

ඔන්න මෙයාම පටන් ගත්තා.. මේයා තමා හොඳම ජාතිවාදියා.

:       0       4

visnu Monday, 01 April 2024 10:12 AM

හරියට කිව්වා. කවුද මේ ප්‍රශ්නය හැදුවේ. ඒ ඔබයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site