IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘ජනාධිපතිවරණයට පෙර එජාපයේ වෙනසක් සිදුවිය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අලුත් අදහස් වලට ඉඩදෙමින්  අලුත් මාවතක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය ගමන් කර යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මේ නව පෙළගැස්මට ඉඩ දිය යුතු බවත් සඳහන් කළ තිස්ස අත්තනායක මහතා නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකයා  පිළිබඳ පවතින  අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත යුතු බවත් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය දේශපාලන පක්ෂවලට වඩා පුද්ගලයා ඉලක්ක කරමින් සිදුකෙරෙන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කළ පසු තමන් තීන්දුවක් ගන්නා බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (5)

‘‘ජනාධිපතිවරණයට පෙර එජාපයේ වෙනසක් සිදුවිය යුතුයි‘‘

JCN Friday, 23 August 2019 02:31 PM

ඔයා රාජපක්ෂගේ පැත්තේ නේද? අයියෝ සල්ලි...

:       0       2

chandima Friday, 23 August 2019 02:32 PM

ජනාධිපති අපේක්ෂකයා ගැන අර්බුදේ පක්ෂය ඇතුලෙන් විසඳන්න බැරි නිසා වහවහාම සියලු පක්ෂ නායකයින්ට සමාන අයිතිවාසිකම් එන සන්ධානයක් ගහන්න යන්නේ... එතකොට පක්ෂයේ කැමැත්ත මොකක් වුණත් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ සන්ධානයේ යාලු නායකයින්ගේ කැමැත්තට අනුවනේ...

:       0       1

Hafeel Friday, 23 August 2019 03:13 PM

අවුරුදු එකොළහක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය දරමින් නායකයාට කඩේ ගිහින් පක්ෂය විනාශ කරලා, දැන් එක්සත් ජාතික පක්ෂය ගැන අමුතු කැක්කුමක් ඇවිත් තියන්නේ. දේශපාලනය කරන්න නැතුව ඉන්නම බැහැ. ඕකේ රස දන්නවනේ... පක්ෂයට ද්‍රෝහීකම් කරලා, කොහොම හරි දියණියට කෙන්බෙරාවේ අපේ මහ කොමසාරිස් කාර්යාලයේ තනතුරත් ලැබුණා...

:       0       0

sirimal Friday, 23 August 2019 03:16 PM

මේ මහත්තයා තවම දේශපාලනය කරනවද හැබෑට..? මෙයා කියන දේවල් ගණන් ගන්න මිනිස්සු ඇති කියලා අපි නම් හිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස රජ කරවන්න දඟලන මාධ්‍යවලට නම් මෙයාගේ ප්‍රකාශ නැතුවම බැරුවා වගෙයි.

:       0       0

අමර Friday, 23 August 2019 03:41 PM

අවාසනාව සහ ‌මෝඩකම එකට පිහිටපු අයත් ඉන්නවනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site