IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනාධිපතිගේ ඇමෙරිකා ගමනින් ජනතාවට දැනෙන ප්‍රතිලාභ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබුණු බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ඇමෙරිකා සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරය ඉටු කිරීමට මිස රටට ආදරයකින් නොවන බව කී විජයවර්ධන මහතා ජනපතිගේ ගමන නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව සඳහන් කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනිමේ වැඩසටහන්වල මෙන්ම රජයේ සංවර්ධන වැඩසටහන්වලටත් ඉදිරියේදී ආධාර ලබාදෙන බව ලෝක බැංකු සභාපතිවරයා එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළ බවත් මේ වසර අවසන් වීමට පෙර ලෝක බැංකු සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ බවත් විජයවර්ධන මහතා පැවසීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 



අදහස් (4)

ජනාධිපතිගේ ඇමෙරිකා ගමනින් ජනතාවට දැනෙන ප්‍රතිලාභ

Bamunuarachchi Monday, 25 September 2023 10:23 PM

හොරාගේ අම්මා පුතාට චරිත සහතික දෙනවා වගේ.ඔහේත් ඇතුළුව අර එක්කන් ගිය බඩු ටිකින් රටට වෙච්ච ප්‍රතිලාභ කියන්න. එවයි අපිට දැනගන්න ඕනේ. අපරාධ වියදමක්‌ නේද? ලොක්කා ජර්මනියට යනකොට එක්කන් යන හාල් පාරුවෝ කවුරුන්ද? ඌර කැකුණ තලනකොට හබන්කුකුලන්ට රජ මගුල්.

:       5       32

Nimal Tuesday, 26 September 2023 08:42 AM

ජනතාවට දැනෙන්න කිසිම සෙතක් වෙලා නැහැ.. රටේ ධනය තවත් නිකරුණේ වියදම් වුණු එකයි වෙලා තියෙන්නේ...! 

:       0       0

Rata Perata Tuesday, 26 September 2023 11:56 AM

නොදකින් මේ වගේ කාලකන්නි අපතයෝ .ශරීරය තිබුනට මොලේ නෑ

:       1       6

Siri Tuesday, 26 September 2023 02:05 PM

වලිගෙ එල්ලිලා ගිය අනිත් කට්ටියගෙන් රටට ලැබුන ප්‍රතිලාභ මොනවද මහත්තයෝ ?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 271 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site