IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න

(යොහාන් භාසුර)

ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජනතාවගේ මුදල් ගිණුම්වල රඳවාගෙන නොසිට නිසිපරිදි ජනතාව වෙනුවෙන් වැයකළ යුතු බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අද (3) පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී එසේ පැවසීය.

දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා වෙන්කරන මුදල් ආයතනික ගිණුම්වල අංශවල රඳවාගෙන අවසන් දවස් කීපයේ ඒසී සවිකිරීමට, කර්ට්න් ගන්න, පුටුසැටි ගේන්න වගේ දේවල්වලට වියදම් කරන බව කී උපාලි සමරසිංහ මහතා මෙම වසරේ අනිවාර්යෙන්ම මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කළ යුතු බව ද සඳහන් කළේය.

මෙම වසරේ ලැබෙන සතයක්වත් අපසු හරවා නොයැවිය යුතු බවත් සමහර රෝහල්වලට වෙන්කර සල්ලි හරහා යැව්වත් ඒ රෝහල්වල බෙහෙත් නොමැති බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න

Priyantha Saturday, 04 January 2025 06:49 AM

ඒකට ඉතින් මුදල් ලබාදෙන ක්‍රමය ප්‍රධානම හේතුවක් වෙනවා. මෙතෙක් කාලයක් එක් එක් ව්‍යාපෘති සඳහා මුදල් එවීම කලේ බොහෝවිට අගෝස්තු මාසයත් අවසන් වුණාට පස්සේ වීම හේතුවක් වුණා. මුදල් ලැබුණාම අදාල සැළසුම් කිරීම ටෙන්ඩර් කැඳවීමටත් හා ටෙන්ඩර් පිරිනැමීමට කාලයක් ගියාම වැඩක් කරන්න කාලයක් නැහැ. මුදල් ආපසු යවන්නම වෙනවා. පුළුවන් නම් අගෝස්තු මාසය අවසන් වනවිට සියලුම ව්‍යාපෘති අවසන්කර දෙසැම්බර් මාසයේ මුල් සතියේදී ඒවාට කළයුතු ගෙවීම් අවසන් කරන නීතී හදන්න. නැත්නම් දෙසැම්බර් අවසාන වැඩිකරන දිනයේ ගිණුම් පියවනවා කියන්නේම.... තනිකරම නාස්තියට පාර කැපීමක් තමයි...

:       0       1

himal Saturday, 04 January 2025 10:05 AM

ඉතින් මහත්තයෝ, රජයේ මුදල් මහජන සුබ සිද්ධියට කියලා බෙදලා දෙන්න බැහැනේ. අර කොහේදෝ පැත්තක ගමේ කර්මාන්ත දියුණු කරන්න කියලා මිනිස්සු ඉල්ලුවාලු හට් හදලා දෙන්න කියලා. සල්ලි වියදම් කරලා හට් හදවලා දුන්නාම දැන් ඒ මිනිස්සු ඒවායේ ත්‍රී වීල් පාක් කරනවාලු... කර්මාන්ත කරන්නේ නැතිලු. ඉතින් මොකද කරන්නේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 04 10 0

මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි
2025 මැයි මස 04 352 0

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ


ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 04 137 0

මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය


මැතිවරණ නිහඩ කාලය ඇරඹේ
2025 මැයි මස 04 39 0

පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


තැනින් තැනට අදත් වැසි
2025 මැයි මස 04 28 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය
2025 මැයි මස 04 236 0

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 601 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 153 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1180 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site