IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් වෙලා

(නිමල කොඩිතුවක්කු)

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රට මුහුණ දී ඇති බරපතළ අර්බුද වලට විසදුම්  ලබා දීම වෙනුවට සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කිරීමට  ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ජනතාව දහසකුත් පීඩා වලින් දුක්විඳින විට පාලකයින් කළ යුත්තේ ඇමති කැරට් අල දිගු කිරීම නොවන බවත් ජාතික මහජන සභාව-කලාකරුවන්ගේ හමුවකට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමින් ඔහු පැවසීය.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැගෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවසීය.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අරගලයට දායක වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ව මර්ධනය  කිරීම තරයේ හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.



අදහස් (4)

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් වෙලා

Bamunuarachchi Wednesday, 24 August 2022 07:22 PM

බහුබූත දොඩවන්නේ නැතුව ඉන්න හලෝ. ඔහේගේ කෙරුවාවල් අපි දැක්කා...

:       7       12

ආරියා Wednesday, 24 August 2022 07:43 PM

සජිත් මහත්තයෝ... ඔයාට පාර්ලිමේන්තුවට එන්නට පෙර කතාකළ යුතු දේවල් ඔළුවට දාන්නේ කැරට් අල කවලාද?

:       5       12

Surain Wednesday, 24 August 2022 07:55 PM

ඔබතුමාට එඩිතර කමක් තිබුණාට අපිට පේන්නේ බියගුළු කමක්නේ.. යන අයට යන්න දෙන්න එඩිතර තරුණ උගත් පිරිසක් ළංකර ගන්න.

:       0       12

ත්‍රස්ත මාෂල් Wednesday, 24 August 2022 09:45 PM

ඔය දොඩවන්නේ, ජනපති පට්ටම අහිමි වෙච්චි දුකට... තේරුම් ගන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site