IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘ජනතා ඉල්ලීමට ඇහුම්කන් දී අපේක්ෂකයා නම් කරනවා‘‘

(මුදිතා දයානන්ද)

කුමන ආකාරයේ වාද විවාද සංවාද තිබුණද ජනතා ඉල්ලීම අනුව ජනතාවගෙන් මතුවන නායකයෙක් තෝරාගැනීම සඳහා අවසන් තීන්දුව පක්ෂයේ සියලු දෙනා එකතු වී ගන්නවා ඇතැයි තමන් විශ්වාස කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (09) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුයේ බත්තරමුල්ලේ පිහිටි මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රණසිංහ පේ‍්‍රමදාස මහතා වැනි පොඩි මිනිසුන්ගෙන් නැගී ආ නායකයෙකුට ජනාධිපති වීමට අවස්ථාව සළසා දුන්නේද ගොවි පුතෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති වීමට අවස්ථාව සළසා දුන්නේද එක්සත් ජාතික පක්ෂය වන අතර මෙවර ජනාධිපතිවරණයේදීද ජනතා ඉල්ලීමට ඇහුම්කන් දී අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා ගැන විවිධ මතවාද මතුව ඇති අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් බවද පක්ෂ නායකයා සිටියදී මෙතෙක් කාලයක් ඊට පරිභාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස එජාපය තෝරාගත්තේද ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසා බවද වෙනත් පක්ෂයක පක්ෂ නායකයා සිටියදී තමන් අපේක්ෂකයා යැයි පැවසුවහොත් සුදුවෑන්වලින් ගෙන යා හැකි බවද ඔහු පැවසීය.

තමන් පිළිබඳවද ඇතැමුන් චෝදනාත්මකව කතා කරන නමුත් පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන කිසිවක් එළියේ කතා කිරිම පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට පටහැනි බැවින් තමන් ඒ ගැන කිසිවක් නොකියන බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනාවේ ඇමරිකන් සහයෙන් බවට සමහරු චෝදනා කළත් එවැනි කිසිම සහයක් කිසිවෙක්ගෙන් පක්ෂයට නොලැබුණ අතර අද ඉදිරිපත්ව සිටින එක ජනාධිපති අපේක්ෂකයෙක් ඇමරිකන්ද නැත්නම් ශ‍්‍රි ලාංකිකද යන ප‍්‍රශ්නය තවමත් විසඳී නැතැයිද අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

‘‘ජනතා ඉල්ලීමට ඇහුම්කන් දී අපේක්ෂකයා නම් කරනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site