IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි

(නිමල කොඩිතුවක්කු)

රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මහත්වරුන්ට රටේ අධිකරණ පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද  (25) පැවසීය.

විදුලිබිල වැඩි කිරිම එරෙහිව සහ බලශක්ති ක්ෂේත්‍රයේ දූෂණයට ඇතුලු වර්තමාන රජයේ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් පෙනී සිටි බවත් කිසිදු ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක නොකළ ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබා දී ඇති භාෂණයේ අයිතිය ක්‍රියාත්මක කළ බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනීතිකව පුද්ගලයන් සිරගත කිරිමට අප රට ඒකාධිපති හෝ ආඥාදායකත්වයක් සහිත රටක් නොවන බවත් සිරගත කර සිටින වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ඔවුන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කිරීම උදෙසා සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එපමණක් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල සටන් සියල්ලක්ම සිදු කිරිමට මූලිකත්වය ගන්නා බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි

JSP Leader Wednesday, 25 January 2023 07:54 PM

සජිත් දැන් මොන බයිලා ගැහුවත් බදු පනත පාර්ලිමේන්තුවේ සම්මත උනේ පක්ෂව ඡන්ද 72 ක් හා විපක්ෂව ඡන්ද 39 ක් ලැබීමෙන්. විනාස(ජිත්)ට ඕනෑනම් තිබුණා ආණ්ඩුව පරද්දන්න. ආණ්ඩුවෙන් අයින් වුන හෙලිකොප්ටර නඩය මොකද කලේ? 225න් 1/3ක් වත් නැතිව නීති හදන පාර්ලිමේන්තවක් අපට එපා.!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site