IMG-LOGO

‘‘ජනතාව දුක් විඳිද්දී ගෙදරට වී ඉන්න බෑ‘‘

(ඩයනා උදයංගනී)

රටම මහා අභාග්‍යයකට මුහුණ පා අවස්ථාවක දේශපාලනඥයන් ද ජනතාවගේ පැත්ත ගත යුතු බවත්, ජාත්‍යන්තර කම්කරු දිනයේ දී තමන් ද පාරට බැස්සේ ඒ නිසා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමඟ ජනතාව පීඩාකාරී තත්වයක සිටින විට ගෙදරට වී සිටීමේ හැකියාවක් තමන්ට නැතැයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව ආණ්ඩුවක් පිහිටුවීමට නොදී වත්මන් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සාහ කළහොත් රටේ ප්‍රශ්න තවත් උග්‍ර වනු ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් අද (1) රට පුරා සංවිධානය කර තිබූ විරෝධතා මාලාවේ පොළොන්නරු දිස්ත්‍රික් විරෝධතාවයට එක්වෙමිනි.

රටේ පවතින අභියෝග ජයගැනීමට නම් ජනතා ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් ආ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව ජනතා ප්‍රශ්න දෙස තවත් බලා සිටිනවාද නැතිනම් ජනතාවට සුදුසු ආණ්ඩුවක් තෝරාගන්නට ඉඩදී ඉවත්වෙනවාද යන්න දෙස ජනතාව බලාසිටින බව සඳහන් කළේය. එසේ නොවුවහොත් ජනතාව නිවෙස්වල මියයන තත්වයක් ඇතිවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විටත් රටේ ලක්‍ෂ 2ක 3ක පිරිසක් බඩගින්නේ සිටින බවත්, ආහාර ඉල්ලා තමන්ට රට පුරා ජනතාවගෙන් ඇමතුම් ලැබෙන බවත් කීවේය. තමන් ගාලු මුවදොර පිටියේ පවත්වාගෙන යන විරෝධතාවයට ආශීර්වාද කරන බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.



අදහස් (16)

‘‘ජනතාව දුක් විඳිද්දී ගෙදරට වී ඉන්න බෑ‘‘

DM Sunday, 01 May 2022 05:06 PM

ඔබතුමා ගෙදරට වෙලා හිටියා නම් ජනතාවට දුක අඩුවෙනවා. ආරක්ෂක භටයින්ට, වාහනවලට, තෙල්වලට යන වියදම් ඔක්කොම ඉතුරුයි...

:       0       2

ravin Sunday, 01 May 2022 05:40 PM

එතකොට අහිංසක ජනතාව මැරෙද්දී සිංගප්පූරුවට ගිහිල්ලා පවුල් පිටින් ඉන්න පුළුවන්ද? තමන් කළ වැඩවල ප්‍රතිඵල තමයි අද මේ වෙලා තියෙන්නේ. තවත් මෝඩ රැළේ කොටසක් ඉන්න හැඩයි.. කිඹුල් කඳුළු මොකටද?

:       0       1

ලක්සිරි පැරිස් Sunday, 01 May 2022 05:40 PM

ඒ වුණාට ඔබත් ඕනේ නෑ. පත්තරෙන් වෙන්න ඇති දන්න ඇත්තේ...

:       0       1

රටවැසියා Sunday, 01 May 2022 05:45 PM

පාස්කු ප්‍රහාරය වුන අවස්ථාවේ ඔය දිවෙන් පිටවුන මෛත්‍රී වචන කොහේද තිබුණේ..? 225 හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කළානම් රට ගොඩ..!

:       0       1

චන්දන Sunday, 01 May 2022 05:47 PM

මෙවැනි අවස්ථාවාදී දේශපාලකයින් ට රැවටෙන්න එපා. එයාලා බරපතල ලෙස මේවාට වග කියන්න ඕනෑ. එයා ජනාධිපති වෙලා හිටපු කාලේ බුදියගෙනද හිටියේ? රට විනාශ කළා.

:       0       1

දාස Sunday, 01 May 2022 05:57 PM

රට විනාශ කළ රාක්ෂයින් උපාසක වෙස් ගන්නවා වගේ.., ජනතාවනි, පරිස්සම් වෙන්න.

:       0       1

විපරමා Sunday, 01 May 2022 06:32 PM

පාස්කු ප්‍රහාරය ගැන කණගාටුවක් තිබිලා නැහැ. පස්ස දොරින් දින 52න් අගමැතිකම පුදලා රටේ ඇතිකරපු වින්නැහිය මතක නැහැ වගේ... ජනතා අරගලයට බයෙන් දැන් සුදනා වෙන්නයි හදන්නේ...

:       0       1

Bamunuarachchi Sunday, 01 May 2022 06:50 PM

ඉතින් හලෝ ඔහේ පාරට බැහැලා මොන බම්බුවක් කරන්නද? මේ අහේනිය මේ අවුරුදු දෙකහමාරට ආපු කෙනෙක් නොවෙයි. 1977 සිටන්ම එන එකක්. ඔහෙලගේ කාලේ නේද බැංකු මංකොල්ලය සිද්ද වුනේ? ඔහේ කඩුවත් කරට අරගෙන එළියට බැහැලා අන්තිමට කඩුව කොපුවේ දාගෙන කරපු හරිය අපි දැක්කනේ.... මොකද අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ජනාධිපතිකම ගන්නද කල්පනාව? ලැබෙයි ලොකුවට...

:       0       0

කිරි පුතා Sunday, 01 May 2022 08:01 PM

ගෙදර කියන්නේ අර රාජ්‍ය දෙපළක් හැටියට තිබ්බ ගේ වෙන්න ඇති...

:       0       1

එරන්ද Sunday, 01 May 2022 08:13 PM

දුක් විඳීමට එක හේතුවක් තමයි මෙයාලාගේ මෝඩ රාජ්‍ය පාලනය​..!

:       0       1

Nalinda Sunday, 01 May 2022 08:16 PM

කෝටි 8ක් ගෙදර ඉන්න කොහොමත් බැහැනේ. උසාවියෙන් එලෙව්වා නේද?

:       0       1

Prabha Sunday, 01 May 2022 09:03 PM

ප්‍රවේසමෙන්...!

:       0       1

ජයලත් Monday, 02 May 2022 03:44 AM

කොහොමත් ජනතාව දුකේ... එයාලා සැපේ...

:       0       1

Saththaya Monday, 02 May 2022 08:38 AM

ඒකටද පුතානෝ සමග එකතු වී ජනතාව මේ වලපල්ලට ඇදලා දැම්මේ? දැන් මේවා හැමදෙනාම දන්නවා. සුදනෝ වෙන්න එපා දෙන්නම... කරපු හැමදේම හෙවනැල්ලක් වගේ දෙන්නාගේම පස්සෙන් එන්න ළඟයි.

:       1       5

වීරවජේMonday, 02 May 2022 12:07 PM

ආයෙමත් පොළවෙන් මතුවෙන්න යන්නේ...

:       0       2

Rata Perata Monday, 02 May 2022 12:02 PM

මේ වගේ කෙනෙක් අපේ දේශපාලන ඉතිහාසයේ හිටියේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site