IMG-LOGO

ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට ඇමැති මණ්ඩලයට වැය කරන්න සල්ලි තියෙනවා

(නිමල කොඩිතුවක්කු)

මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37ක් සහ කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13)ප්‍රකාශ ක ෙළ්ය.

තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කිරීමේ සූදානමක් පවතින බවත් ඇමතිවරු 69 ක් පත්කර වරදාන වරප්‍රසාද ලබා දීමට මුදල් පවතින ආණ්ඩුවට වතුකරයේ සිට ධීවරයන් දක්වා සමස්ත ජනතාවට භූමිතෙල් සහනාධාරය ලබා දීමට මුදල් නොමැති බව ද පැවසීය.

මාස ගණනාවකින් රට පුරා මාර්ගගත අධ්‍යාපනය හරියට සිදු නොවූ බැවින්  ළමයින්ගේ විභාග කටයුතු පවා ඇණහිටි ඇති බවත් සමගි ජනබලවේගයේ හලාවත ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.
2022 උසස් පෙළ විභාගය පවත්වන්නේ විෂය නිර්දේශය ආවරණය නොකරමින් බවත් එවැනි  ගැටලු රාශියක් පැවතියත් ඇමතිවරු පත් කිරීමට සහ වරදාන ලබා දීමට මුදල් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ සියලු කටයුතු සිදු කරන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස බවත් ඔවුන්ට හිතවත් අයට පමණක් ඇමතිකම් ලබා දෙමින් පොහොට්ටුවේ 134ක් එකතු වී පත් කළ ජනාධිපතිවරයාව තමන්ට අවැසි ලෙස පාලනය කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

තමන් ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මෙවැනි හොරුන් සමඟ එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් කීවේය. 



අදහස් (6)

ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට ඇමැති මණ්ඩලයට වැය කරන්න සල්ලි තියෙනවා

" අඃ-තට්ටු " සිහින Tuesday, 13 September 2022 07:12 PM

එංගලන්තයේ ඔටුන්න හිමිවුණු එක දැකලා මේ රටේ ඉන්න මෙයාටත් ඒවගේ ආශාවක් ඇවිල්ලා වගේ මේ දිනවල කියවන්නේ ඒ කරදරේටම...! කමක් නැත. ඔබතුමාගේ කටින්ම කියැවුණානේ "අඃ-තට්ටු " ඇමතිකම් කියලා...! එතකොට ඔබතුමාගේ පක්‍ෂයේ ලාංඡනය මොන තට්ටුද කියලා කියන්නකෝ...!'

:       0       1

Bamunuarachchi Tuesday, 13 September 2022 07:51 PM

දිව හැරෙන හැරෙන පැත්තට ගොබ්බ කතා කියන්න එපා හලෝ... රටේ තිබෙන තත්වයට ජනතාවට සහන දෙන්නත් බැහැ. අනුර කියන විදිහට 37ක් ගොන් රැලක් නඩත්තු කරන්නත් බැහැ...

:       1       1

Perera Wednesday, 14 September 2022 12:50 AM

මෙ ආන්ඩුව ජනතාවට සහන දෙන්නෙ මොකටද කිසිම ජනතා සහයක් ආන්ඩුවට නැතිකොට?????

:       1       0

දහනායක Wednesday, 14 September 2022 06:13 AM

අනාගතයේ ජනාධිපති වෙන්න සිටින පුද්ගලයා දන්නේ නැහැ ඇමැතිවරු නැතුව තීරණ ගන්නේ කොහොමද කියලා. විෂය නිර්දේශ ආවරණය කරන්න බැරිවුණේ ජෝශප්ලා කළ වර්ජනය නිසා කියලා අපිට හිතෙනවා.. අනුන්ගේ ඇසේ පොල් කෙන්ද අදින්න පෙර තමන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කර ගන්න මහත්තයෝ...

:       2       3

fairoosWednesday, 14 September 2022 11:52 AM

දහනායක වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි...!

:       3       2

BamunuarachchiWednesday, 14 September 2022 05:46 PM

මෙයා කොහෙන් පාත්වුණු කෙනෙක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site