ජෝන් කීල්ස් පදනමDeutsche Bank සමග එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. මේ වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හිදී පැවති උත්සවයට, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02, ජාඇල සහ රණාල යන ප්‍රදේශවල පාසල් 11 ක් නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80 දෙනකු සහභාගී වූ අතර, එහිදී ඔවුන්ට ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජාඇල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ ලීලානන්ද කුලතිලක, ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් ව්‍යාපාර අංශ ප්‍රධානීන් වන චරිත සුබසිංහ, නයන මාවිල්මඩ සහ නදීජා තම්බයියා, ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය, Deutsche Bank හි අධ්‍යක්ෂවරුන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් වන නිරංජන් ෆිගරාඩෝ, ජනත් ඉලංගන්තිලක, ප්‍රභාත් සමීන්ද්‍ර, රේසා මන්සූර් සහ චරිත දුම්බරගේ, Dialog Axiata PLC හි නියෝජිතයන් වන හර්ෂ ද සොයිසා සහ නිශාල් හේරත් යන මහත්ම මහත්මීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ප්‍රදානයන් සඳහා තෝරා ගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COVID-19 රෝග ව්‍යාප්තිය පැවති සමයේ රජයේ විභාගවලට සූදානම් වෙමින් සිටි, අඩු පහසුකම්ලාභී දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ජෝන් කීල්ස් පදනම, Deutsche Bank සමග එක් වී 2021 වසරේදී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන ආරම්භ කළේ ය.
මෙහි නියමු ව්‍යාපෘතිය (පළමු අදියර) යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන මගින් ආවරණය වන කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල තෝරාගත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන් 100 දෙනකුට, ඔවුන් විභාගයට සූදානම් වන කාල සීමාව තුළ භාවිතය සඳහා Samsung A7 ටැබ් උපාංග 100 ක් සහ ඩේටා පැකේජ පිරිනමන ලදී. මෙහි දෙවැනි අදියර යටතේ, ජාඇල ඇතුළු තෝරා ගත් ප්‍රදේශවල සිසු සිසුවියන් 80 දෙනකුට Samsung A8 ටැබ් උපාංග ලබා දීම සිදු විය. Deutsche Bank මෙම වැඩසටහනේ සම-නිර්මාතෘ පාර්ශ්වයක් වන අතර, Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC පිළිවෙළින් ටැබ්ලට් උපාංග සහ ඩේටා පැකේජ සහන ගාස්තු යටතේ පිරිනමයි.
ජෝන් කීල්ස් පදනම විසින් කළමනාකරණය කරනු ලබන ජෝන් කීල්ස් සමූහයේ ප්‍රජා සත්කාර වැඩසටහන වන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ මගින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, හඳුනාගත් ප්‍රජා සංවර්ධන ගැටලුවලට පිළියම් සෙවීම ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ වේ.
595
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජෝන්කිල්ස් ප්‍රජා ශක්ති ඩිජියල් ඉගෙනුම් වැඩ සටහනේ දෙවැනි අදියර දියත් කරයි