IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා පසුගියදා කොළඹ නිල සංචාරයක නිරත වූ අතර එහිදී කාන්තා ව්‍යවසායකයන්, තිරසර මූල්‍යකරණය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සඳහා  සහයෝගය ලබාදීමේ අරමුණෙන් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය වෙත එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ඩොලර් මිලියන 30 ක ණය මුදලක් නිවේදනය කළේය.

DFC හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් සහ CDB ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර යන මහත්වරු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී එම ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා  බලගැන්වීම උදෙසා  එක්සත් ජනපදයේ නිරන්තර කැපවීම ඉස්මතු කරමින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාබ්‍රියෙල් ග්‍රවු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

CDB ආයතනයේ ආයතනික ගමන්මග වෙනුවෙන් දක්වන කැපවීම මනාව පිළිබිඹු කරමින් එම ආයතනයට මෙවැනි කැපීපෙනෙන මූල්‍ය පහසුකමක් හිමි වූයේ ප්‍රථම වරටය. මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, අරමුදල් සම්පාදනය කරන ආයතන විසින් CDB ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසයට සහ එම ආයතනය ස්ථාවරත්වය, පාලනය සහ තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීමට මෙම ණය පහසුකම මනා සාක්ෂ්‍ය සපයයි.

“DFC යනු, කුඩා පරිමාණ ව්‍යාපාර සහ කාන්තා ව්‍යවසායකයන්ට තිරසර මූල්‍යයන පහසුකම් සපයන මූල්‍ය සංස්ථාවකි. CDB ආයතනය විශිෂ්ට හවුල්කරුවකු වන අතර, අපගේ සහයෝගය මගින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණුකර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ප්‍රවර්ධනය කිරීමටත් හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් මහතා සඳහන් කළේය.

595



අදහස් (0)

ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් CDBවෙත ඩොලර් මිලියන 30ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site