ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ‘සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා‘ සංවිධානය කළ පා ගමනක් බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පැවැත්විණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී.වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ කීර්ති මුතුකුමාරණ, කාර්යාංශයේ නිළධාරීන්, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්, විදේශ රැකියා සදහා යාමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මිනිස් වෙළදාම, මිනිස් ජාවාරම යන වරදින් වැළකී සිටීම සහ බේරී සිටීම පිළිබදව දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ජනතාව දැන්මුවත් කිරීම සිදු කළ අතර සුරක්ෂිතව රැකියා සදහා විදේශ ගතවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වීදි නාට්‍යයක්ද කාර්යාංශ පරිශ්‍රය තුළදී ප්‍රදර්ශනය කළේය.
(36698)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් පා ගමන