IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජාත්‍යන්තර කරාතේ තරගයෙන් රාජගිරි ප්‍රාථමිකයේ 19යටම සම්මාන

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විසි හතර වැනි ජාත්‍යන්තර කරාතේ ශූරතා තරගාවලිය සඳහා ඉදිරිපත් වූ  බාදුරාගොඩ හඟවත්ත රාජගිරි ප්‍රාථමික විදුහලට රන් පදක්කමක් ලෝකඩ පදක්කමක් සමඟ ඉදිරිපත් වූ තරගකරුවන් දහනම දෙනාම   ජයග්‍රහණ ලබා ගැනීමෙන් විශිෂ්ට වාර්තාවකට හිමිකම් කියයි.

සිය වසකට ආසන්න අතීතයකට හිමිකම් කියන මෙම පාසලේ දරුවෙක් කිසියම් තරගයකට ඉදිරිපත් වීමෙන් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාවද මෙය වේ. 

වයස අවුරුදු අටෙන් පහළ කාතා ඉසව්වේ රන් පදක්කම එච් . ඒ.රනුෂ් සත්සර හිරුෂාන් විසින් ද එම ඉසව්වේම ලෝකඩ පදක්කම ඒ.ඒ . අදීෂ තත්සර අධිකාරි විසින්ද දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් වී ඇත .  මෙම සිසුන්සෙ දෙදෙනාම පාසලේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

සෙසු තරගකරුවන් දාහත් දෙනාම ඔවුන් තරග වැදුණු විවිධ ඉසව් වල පළමු අට දෙනා අතරට තේරී පත්වීම නිසා විදුහලෙන් ඉදිරිපත් වූ සියලුම සිසු සිසුවියෝ මෙම තරගාවලියේ ජයග්‍රහණයකට හිමිකම් කියන්නට සමත් වී තිබේ.

විදුහල්පතිනි අසන්ති අබේවර්ධන මහත්මියගේ හා කරාතේ කණ්ඩායම බාර අරෝෂා වෛද්‍යතිලක මහත්මියගේ  මෙහෙයවීම යටතේ මෙම දරුවන් පුහුණු කර ඇත්තේ    පාසල් නිලලත් කරාතේ ක්‍රීඩා උපදේශක ෂිහාන් පුෂ්පකුමාර මහතා විසිනි.  මෙම දරුවන් සඳහා කරාතේ පුහුණුව ලබා දී ඇත්තේ මාස හයක් වැනි කෙටි කාලයක් වීමද විශේෂත්වයකි .

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලේකම්වරයා විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, භූතානය, බුරුමය සහ නේපාලයේ තරගකරුවන් තුන්දහසක් පමණ දෙනා සහභාගී වීීඇත. මෙම තරග ඉකුත් 2දා කොළඹ සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .

ජයග්‍රාහී සිසු සිසුවියෝ සමූහ ඡායාරූපයේ සිටින අතර විදුහල්පතිනිය හා පුහුණු උපදේශකවරයා සමීපයේම ඉදිරියෙන් සිටින්නේ රන් හා ලෝකඩ පදක්කම් දිනාගත් සිසුන් දෙදෙනාය .



අදහස් (0)

ජාත්‍යන්තර කරාතේ තරගයෙන් රාජගිරි ප්‍රාථමිකයේ 19යටම සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site