IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික සභා යෝජනාව න්‍යාය පුස්තකයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ගැටලු ඇතුළු රටේ ප්‍රශ්න විසඳීම අරමුණු කරගත්  ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම  න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම  යෝජනාව  පාර්ලිමේන්තුවේිදී  ලබන සතියේ  සම්මත කර කරගැනීමට නියමිතය.

කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීම හා  ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍යකාලීන පොදු වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම මෙම ජාතික සභාව පිහිටුවීමේ අරමුණ වේ.

කතානායකවරයා සභාපතිවරයාවූද අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් තිස් පස් දෙනකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විතවූ  ජාතික සභාව යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතු යැයි න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණු එම යෝජනාවේ සඳහන් වේ.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාව, රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීම ජාතික සභාවට බලය තිබිය යුත්තේය යනුවෙන්ද එම  යෝජනාවේ දැක්වේ.

ජාතික සභාවේ ඝනපූර්ණය සාමාජික මන්ත්‍රීවරුන් දහ දෙනකුගෙන් සංයුක්ත විය  යුතු බවත් කාරක සභාවේ පූර්ණ අවසරය ලබා නොගෙන එහි  අනුගාමී රැස්වීම් තුනකට  නොපැමිණෙන යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියා සේ සලකනු ලැබිය යුතු බවත් යෝජනාවේ සඳහන් වේ.

ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා  රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.



අදහස් (1)

ජාතික සභා යෝජනාව න්‍යාය පුස්තකයට

sena Monday, 12 September 2022 03:10 PM

නිල බලයෙන් එන කට්ටිය දැක්කාම හිතාගන්න පුුළුවන් ආර්ථිකයට ඉදිරියේදී වන විනාශය...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site