IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික සභාවේ නියමුවන් මැති සබයේදී ප්‍රකාශයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලබන ජාතික සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 27 දෙනකු පත් කර ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (23) දැනුම් දුන්නේය.

ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත් කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් පිරිසකගේ නම් ලැබිය යුතු   හෙයින්  එම නම් ලැබුණු පසු ඒවා ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා  මෙහිදී සඳහන් කළේය.

මේ අතර ජාතික සභාව පිළිබද පිළිබඳ යෝජනාවට සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ කතානායකවරයා සභාපති වූද, අග්‍රාමාත්‍යවරයා,  පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින්  නම් කෙරෙන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින්  ජාතික සභාව සමන්විත විය යුතු බවයි.


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කෙරුණු  ජාතික සභාව යෝජනාව ඡන්ද විමසීමකින් තොරව  පාර්ලිමේන්තුවේදී පසුගිය 20  වෙනිදා පස්වරුවේ සම්මත විය.

කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම ජාතික සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්  විශේෂ කාරක සභාවල සභාපතිවරුන්  සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගීවන විශේෂ රැස්වීම් වෙනුවෙන්  අවශ්‍ය  කටයුතු සංවිධානය කිරීමද මෙම ජාතික සභාවට  පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ජාතික සභාවට හිමිවන බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

ජාතික සභාවේ නියමුවන් මැති සබයේදී ප්‍රකාශයට

pradeep Friday, 23 September 2022 01:01 PM

මොනවා පත්කළත් දාන්නේ සුපුරුදු හොරු, වංචාකාරයෝ, දූසිතයින් ටිකමයි.

:       1       7

රසික Friday, 23 September 2022 01:06 PM

නියම සෙට් එකක්...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site