IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික සභාවට නැති පක්ෂවලට ශ්‍රී.ල.නි.ප ආචාරය

 

(ඩයනා උදයංගනී)

ජාතික සභාවට සහභාගීවීමෙන් වැලකී සිටි සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ජාතික සභාව පිළිබඳ යෝජනාවේ අරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීම පමණක් බවත්, එම නාම මාත්‍රික ජාතික සභාව මගින් රට පුරා සිදුවූ ජනතා නැගීසිටීම් වලට යුක්තිය ඉෂ්ඨ නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එය ආණ්ඩුවේ සියලු තීරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල අනුමැතිය වක්‍රාකාරව ලබාගැනීම අරමුණු කරගත් නාමමාත්‍රික කමිටුවක් බව ද එහි සඳහන් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් යෝජිත ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ ද ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ජාතියේත් යහපත හා සුරක්ෂිතතාව පිණිස ආණ්ඩුව විසින් ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයකදී පටු දේශපාලනික වාසි නොතකා සහය දීමට විපක්ෂයේ සිට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ස්ථාවරයට සමගාමීව යෝජිත ජාතික සභාවට සහභාගී නොවන සියලු සහෝදර දේශපාලන පක්ෂ වෙත ආචාරය පුදකරන බවද එම පක්ෂය කියයි.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට පසුගිය දා ඇතුළත් කොට තිබූ ජාතික සභාව සම්බන්ධ යෝජනාව විවාදාපන්න බවත්, සර්ව පාක්ෂික ආණ්ඩු සංකල්පය තුළ යෝජිත ජාතික සභාව, පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය සඳහා වන විධායක බලය සහිත සෙනෙට් සභාවකට පර්යාය දේශපාලන ව්‍යුහයක් බවත් ශ්‍රී.ල.නි.පය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ ජාතික සභාවට පැවරෙන අධිකාරී බලයට හා පොදු වගකීම්වලට අනුව එය කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් තවත් උපදේශක කාරක සභාවක් පමණක් බව පැහැදිළියැයි ද එහි දැක්වේ. 



අදහස් (3)

ජාතික සභාවට නැති පක්ෂවලට ශ්‍රී.ල.නි.ප ආචාරය

යෝගා Sunday, 02 October 2022 07:45 PM

තමන්ට ලොකු තනතුරක් නැත්නම් වැඩේ අල කරන්න ඕනේ... එහෙම නේද?

:       1       0

මරිසිපාල Monday, 03 October 2022 06:15 AM

ඔය පක්ෂය හැදුවේ බල තණ්හාව නිසා මිසක් රට හදන්න නොවෙයිනේ. රටේ විනාශය ආරම්භ වුනේ ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා තමයි. අවුරුදු 30 ක යුද්ධය ව්‍යාපාර කඩාවැටීම, දේශපාලන හිතවතුන්ට රැකියා දීම මෙම පක්ෂයේ අරමුණ වුණා. රට මෙතරම් අගාධයකට වැටුණු බව නොතේරෙන මෙම මුග්ධයින් කිසිදාක නැවත බලයට නොගත යුතුයි...

:       1       0

fairoos Monday, 03 October 2022 02:17 PM

අද රට මේ තත්වයට පත්වෙන්න නිදහස් පක්ෂයත් වගකියන්න ඕනෑ. නන්දසේනව ගෙනැල්ලා රට නැත්තටම නැති කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site