IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කෙරෙයි

(ඩයනා උදයංගනී)

සෑම වසරකම ඔක්තෝබර් 24 වැනිදා ‘ජාතික සැපයුම්දාම දිනය’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමුද්‍රව්‍යයක් නිමි භාණ්ඩයක් බවට පත්වන තෙක් සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය සැපයුම්දාම කළමනාකරණය ලෙස හැඳින්වෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

පාරිභෝගික භාණ්ඩයක වටිනාකම උපරිම කිරීමට සහ වෙළඳපල තුළ තරඟකාරී වාසි ලබාගැනීම සඳහා ව්‍යාපාරයක සැපයුම්දාමයන් සංවර්ධනය කිරීමේ පිළිබඳව දේශීය ව්‍යාපාර හා ව්‍යවසායන් අතර, දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ යෝග්‍යතාව සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය මගින් පෙන්වා දී ඇති බැවින් මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.



අදහස් (0)

ජාතික සැපයුම්දාම දිනයක් ප්‍රකාශයට පත්කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site