IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි

(නිමල කොඩිතුවක්කු)

 

ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ තිබූ ලේ නහර වල ඇතිවන විවිධ රෝග තත්ත්වයන්  සම්බන්ධයෙන් පරීක්ෂණ හා ප‍්‍රතිකාර ලබාදීමට යොදාගන්නා ඩී. එස්. ඒ යන්ත‍්‍රය  2016 වසරේ සිට අක‍්‍රීයව පවතින බව සමස්ත ලංකා හෙද සපවසයි.

 

මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහල තුළ ලේ නහර ආශ‍්‍රිත විවිධ ආබාධ වලින් පෙළෙන දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර ලබාදීමේ හැකියාව සීමා වී ඇති බව එම සංගමයේ වැඩබලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා සදහන් කරයි.

 

ශල්‍යකර්ම කිරීමකින් තොරව රෝගියාගේ රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමට හැකිවීම මෙම යන්ත‍්‍රයේ විශේෂත්වයයි.

 

ජාතික රෝහල සතුව වෙනත් ඒකක 02 ක ඞී. එස්. ඒ යන්ත‍්‍ර 02 ක් තිබුණද, ඒවා එම ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන්ගේ කටයුතු සඳහා ප‍්‍රධාන වශයෙන් යොදා ගැනේ.

 

එසේම ජාතික රෝහලේ මෙම ප‍්‍රතිකාර සඳහා මාස 02 - 03 ක පොරොත්තු ලේඛණයක්ද ඇති බවද මැදිවත්ත මහතා සදහන් කරයි.

 



අදහස් (0)

ජාතික රෝහලේ ඩී.එස්.ඒ යන්ත්‍රය අක්‍රීයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site