IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින්

(අංජුල මහික වීරරත්න)

‘ජාතික භෞතික සැලැස්ම’ පළාත් මට්ටමින් සැකසීමට තීරණය කර තිබේ. 

ඒ ඒ පළාත්වලට ආවේණික තත්ත්වයන් හදුනාගෙන ඊට ගැලපෙන පරිදි සංවර්ධන කටයුතු යාවත්කාලීන කිරීම මෙහි අරමුණ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  

මේ වන විටත් නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල පළාත් ජාතික භෞතික සැලැස්ම සැකසීමේ කටයුතු ආරම්භ වී ඇතැයි ද ඊට අමතරව ඌව පළාත් ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සකස් කිරීමට නියමිත බවද ඇමතිවරයා සදහන් කළේය.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් “ජාතික භෞතික සැලැස්ම” සකස් කර  තිබේ. ඒ 2000 අංක 49 දරණ පනතින් සංශෝධිත, 1946 අංක 13 දරණ නගර හා ග්‍රාම නිර්මාණ ආඥා පනත ප්‍රකාරවයි. මෙම සැලැස්ම 2048 වසර සදහා ක්‍රියාත්මකයි. පළාත් මට්ටමින් ජාතික භෞතික සැලසුම් සකස් කෙරෙන්නේ මෙම ‘ජාතික භෞතික සැලැස්ම’ පාදක කර ගනිමින් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (3)

ජාතික භෞතික සැලැස්ම පළාත් මට්ටමින්

සෙනෙවිරත්න Tuesday, 20 February 2024 10:38 AM

තමුන්නැහැලා මොනව කලත් ඒක සැකයි. දැන්වත් යන තැනකට වැඩ කරන්න ,තව බොහෝකල් ඉන්න බැරිවෙයි

:       0       2

NAMAL Tuesday, 20 February 2024 10:50 AM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       2

NAMAL Tuesday, 20 February 2024 10:50 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site