
(අංජුල මහික වීරරත්න)
‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී පිළිගැන්විණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ සකස් කර තිබේ.
අනතුරුව එය අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ National Physical Planning Council (NPPC) අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරිණි.
ජාතික භෞතික සැලසුම්කරණ සභාවේ සාමාජිකත්වය දරණ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු ඇතුලු ජාතික භෞතික සැලසුම්කරණ සභාව නියෝජනය කරන අමාත්‍යාංශ ලේකම්වරු හා රේඛීය ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි