IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජාතික ආරක්ෂක අමාත්‍යංශ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පනවා තිබූ නඩු කටයුත්තකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් යටතේ ශ්‍රී ලංකාවට අද(21 ) පැමිණෙමින් සිටි අසංක අබේගුණසේකර මහතා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

අසංක අබේගුණසේකර මහතා  හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අතර හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකු බව ද සදහන් වේ .

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩු කටයුත්තට අදාළව මෙම ගුවන් ගමන් තහනම පනවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අද අලුයම 03.19 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් මුළින්ම අත් අඩංගුවට ගෙන තිබේ .

 

               

 



අදහස් (1)

ජාතික ආරක්ෂක අමාත්‍යංශ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

Mo77 Monday, 22 July 2024 08:48 AM

මොහුත් ඇමෙරිකානු පුරවැසියෙක්. ද්විත්ව පුරවැසිකම තියාගන්නේ ප්‍රතිලාභ ලබා ගැනීමට මේ අය කොහොමත් බදු වංචාකාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site