IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාජබ විරෝධයක් ගම්පහ නගරයේ

(තිලකරත්න දිසානායක සහ ආනන්ද ජයකොඩි)

අසීමිත බදු බරට, අධික බඩුමිල සහ විදුලි බිලට , ආණ්ඩුවේ මර්දනයට , අනීතික ඡන්ද අයිතිය කල් දැමීමට එරෙහිව ජාතික ජනබල වේගයේ විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ දී  උද්ඝෝෂණයක් අද සවස පැවැත්විණි. 

උද්ඝෝෂණ පෙළපාලිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් ආරම්භ කොට දුම්රිය ස්ථානය කරා පැමිණි අතර අතරමැදි ස්ථාන කිහිපයකදීම පොලීසිය විසින් මාර්ගය අවහිර නොකරන ලෙස දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය. 

අනතුරුව දුම්රිය ස්ථානය අසලදී  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා,  විධායක සභිකයින් වන සුනිල් හදුන්නෙත්ති, මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනතාව ඇමතූ අතර මෙම අවස්ථාවේ දුම්රිය ස්ථානය අසල සාමාන්‍ය  පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ප්‍රහාරක නිලධාරීන්ද  යොදවා සිටි ආකාරයක් දක්නට ලැබිණි.  



අදහස් (0)

ජාජබ විරෝධයක් ගම්පහ නගරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site