
(මහිෂා සිල්වා)
22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය.
එම සම්මානය හිමිවූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද " රහස් කියන කඳු" චිත්‍රපටය වෙනුවෙන් වන අතර සිය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂණයට මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වීම සුවිශේෂි කරුණකි.
ඔහුගේ මෙම චිත්‍රපටිය සඳහා පාදක වී ඇත්තේ භීෂණසමයේ තරුණයන්ගේ අතුරුදහන්වීම හා සම්බන්ධ නිර්දය ප්‍රහසන ශානරයට අයත් අර්ධ ප්‍රබන්ධමය වෘත්තාන්තයකි. මෙවැනි තේමාවක් චිත්‍රපටියකට පාදක වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම චිත්‍රපටයේ ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියෝ රාශියක් රංගනයෙන් දායක වෙති.
මීට අමතරව ජගත් මනුවර්ණයන් "කොඩි ගහ යට" ටෙලි නාට්‍යද ඔහු අධ්‍යක්ෂණය කළ පළමු ටෙලිනාට්‍ය වන අතර "ගින්දර පොඩ්ඩක්" (2004) සහ වෝටර් ලිලී (2011) යන කෙටි චිත්‍රපටද නිර්මාණය කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක්