IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජැක්සන් ගැන කාටත් අමතක වූ දෙයක් ජනපති මතක් කරයි

(අංජුල මහික වීරරත්න)

"ලොව ඇත්තේ යාම් ඊම් ය.නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය." යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" හි පාඨයක් උපුටා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාට ශෝකය පළ කරයි.

ජනාධිපතිවරයා එම ශෝක පනිවිඩයෙන් මෙසේද පවසයි. "ලොව වෙසෙන අප සියල්ලම මේ සත්‍යයට යටත්ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.

බහු විධ කලා නිපුණයකු වූ ජැක්සන්ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මනින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.

ඔහුගේ නික්මීම ලාංකේය කලා නිර්මාණ ක්ෂේත්‍රයට සිදු වූ අති මහත් පාඩුවක් සේ මම දකිමි.

පසුගිය දින කීපය පුරා බොහෝ දෙනෙක් ජැක්සන්ගේ නිර්මාණ භූමිකාව ගැන අදහස් දැක්වූහ. එහිදී අතපසු වූ එක් කරුණක් පිළිබඳව විශේෂ අවධානයක් කිරීමට මම කැමැත්තෙමි.ඒ ඔහු නවකතාකරුවකු ලෙස දැක්වූ ප්‍රතිභාවයි.

"කන්ද උඩ ගින්දර" ජැක්සන් ලියූ මුල්ම නවකතාවයි. එහි දෙවන කොටස ලියන්නට ජැක්සන් සූදානමින් සිටි බව මම දනිමි. නමුත් එය අවසන් කර ගන්නට කලින් ඔහුගේ ජීවිතය අවසන් විය. එය ද කනගාටුවට කරුණකි".

ඔහුගේ අභාවය පිළිබඳව මගේත් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් සංවේගය පවුලේ සියලු සාමාජිකයන් හා නෑදෑ හිත මිතුරන් වෙත මෙසේ පිරිනමමි.

අවසාන වශයෙන් තවත් කරුණක් සඳහන් කළ යුතුය.ජැක්සන් ගේ ජීවිතයේ යම් යම් භාවිතාවන් තියුණු විවේචනයන්ට බඳුන් වූ අවස්ථා තිබිණි.ඒ වගත් සිහිපත් කරමින් ඔහු අනු දත් ධර්මයට අනුව බයිබලයේ එන මේ වැකි කීපය උපුටා දක්වනු කැමැත්තෙමි.

" විනිශ්චය නොකරන්න ,එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහිය. ඔබ දෙන විනිශ්චයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය.ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබේ.(බයිබලය-නව ගිවිසුම)

බහුවිධ කලා කුසලතාවන්ගෙන් සපිරි ජැක්සන් ඇන්තනීට මෝක්ෂ සුවය ලැබේවා.

 



අදහස් (8)

ජැක්සන් ගැන කාටත් අමතක වූ දෙයක් ජනපති මතක් කරයි

චන්දිම Wednesday, 11 October 2023 10:07 PM

අනේ ඒක නේන්නම් ජැක්සන් මහතා වගේ රටක් වටින මිනිස්සු නැතිවුනහම අපිට හිතෙන්නේ බොහොම ඉක්මනින් ගියා කියලයි. ඒකටත් හරියන්න කොහෙද මේ සමහර මුස්තෙප්පු කාලකන්නි ඉන්නවා අපි ඉස්කෝලේ යන කාලේ ඉඳම්ම රට කකා ඉන්නවා අඩුගානේ දෙය්යනේ කියලා මැරිලා තොලොංචි වෙලා යන්න බැරිනම් අඩු ගානේ තමන්ගේ ගෙදරට වෙලා හරි තමන්ගේ යන තැනකට වැඩක් කර ගන්නේ නැතිව අපිට බොරු පුස් සුරංගනා කතා කියා කියා.

:       41       9

dupul Wednesday, 11 October 2023 10:20 PM

ඔයා නම් ගියාට කමක් නැහැ. ඒත් ආයේ මෙහෙ නම් එන්න එපා.

:       42       8

Bamunuarachchi Thursday, 12 October 2023 12:24 AM

කිරි අප්පට මේ අර අපිට පස්දුන් කෝරලේ ගැන කියලා දුන් රනිල්ද?

:       40       9

Chathuri Thursday, 12 October 2023 05:43 AM

ඒ වගේම බයිබලෙයි නව ගිවිසුමේ දස පනත. ඒක ගැන දන්නවත් ඇති. නේද. සොරකම් නොකරව. මිනී නොමරව. අන්සතු දෙ. නොගනුව. 10 ක් තියෙනවා මේ වගෙ. දෙවියන් වහන්සේ ඔය නායක කම දුන්නෙ සාදාරනව අවන්කව වැඩ කරන්න ජන නස්‍යකයෙක් හැටියට. නමුත් තමන් ඇවිත් තියෙන්නෙ හොරුන් ආරාක්ශා කරන්න. ඔබට ෆ්හෙ ද්ඩුවම. බයිබලේ තියෙනවා කියවලා බලන්න. දුප්පතුන්ට හිරිහැර කිරීම සම්පුර්න තහනම්. නමුත් නුබ ඇතුලු නඩේ හමස් සන්විදානයේ. සමාජිකයෝ වගෙ වැඩ කරන්නේ. දුප්පතාගේ දේ හොරාකමින් රට සවාරි යමින්. මැරිලා බලන්නකෝ කොහෙටද යන්නෙ කියලා. ඔය නඩේට යන්න කියලා ජනතාව ගොඩක් කල් නමුත් තවමත් ඉන්නවා

:       39       5

,C.K.Lankaputhra Thursday, 12 October 2023 07:03 AM

බයිලා එක නම් ලස්සනයි සර්, ගායනයත් ලස්සනයි, නමුත් ඔබතුමාගේ රගපෑම අතිශයින්ම දුර්වලයි. ඒ නිසා ඔබ තුමාට මම චන්දෙ නම් දෙන්නෙ නෑ. ඒක ශුවර්. තරහ වෙන්න එපා.

:       35       17

pakeer Thursday, 12 October 2023 10:07 AM

කවුද මාමේ මේක ලියලා දුන්නේ ?

:       34       14

Rata Perata Thursday, 12 October 2023 12:22 PM

බටලන්ඩ කාලෙ කවුරුහරි මෙ කතාව මෙයාට ලියල දුන්න නම් ජීවිත ගොඩක් බෙරගන්න තිබුන ද?

:       0       1

Nimal Silva Thursday, 12 October 2023 04:22 PM

ChatGPT එකෙන් ලියපු එකක්ද කොහෙදෝ .කිසි තේරුමක් නැහැ .ලොකුවට දෙසාබානවා විතරයි

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site