(දයාරත්න ඇඹෝගම)
ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන වල් අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තලාව මොරගොඩ හතේ කණුව ආසන්නයේදි පසුගිය 02 වැනි දින රාත්‍රි 10.30 ට පමණ ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනකු ගමන් ගනිමින් සිටි කැබ් රථයේ ගැටිමෙන් මෙම වල් අලියා වාහනයේ බොනට්ටුව මත දෙවරක්ම පතිතවිම නිසා වන අලියාද බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාශ කරන බවද හෙතෙම පැවසිය.
ඒ අනුව මෙම වන අලියා මොරගොඩ ප්‍රදේශයේ උලුක්කුලම,විරවැව ප්‍රදේශයේ සොයා බැලිම සදහා අනුරාධපුර හා තලාව කාර්යාලවල සේවයේ නිරත නිලධාරින් ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුමක නිරතව සිටිති.
වාහනයේ ගැටුන අලියා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබි නොමැති බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ජැක්සන්ගේ වාහනයේ ගැටුණු අලියා සොයා මෙහෙයුමක්
kamal Monday, 04 July 2022 12:22 PM
ජවිපයේත් අලි ඉන්නවද?
සෙනෙවිරත්න Monday, 04 July 2022 04:36 PM
ජවිපෙ කොහේද අලි?, අලි කවදාවත් ජවිපෙට එකතු වෙනවද? තවත් මඩ වලකට යනවා විනා. ඒක නිසා ජවිපෙ හැමදාම පිරිසිදුව තිබෙනව.
BamunuarachchiTuesday, 05 July 2022 09:05 AM
ජවිපෙ කොහේද අලි?, අලි කවදාවත් ජවිපෙට එකතු වෙනවද? ජෙප්පෝ 2015-2020 කාලේ අලින්ට හේත්තු උනා මිසක් නේද සෙනෙවිරත්න මහත්තයෝ? අලි මදිවට හරකෙඋත් පැනලා.
කිරි පුතා Monday, 04 July 2022 12:48 PM
ඒ අහිංසකයා ගැනත් හොයන එක හොඳයි...
Sunil Monday, 04 July 2022 01:19 PM
මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසා වන ජීවිත අනතුරේ..!
Bunny Preena Monday, 04 July 2022 01:47 PM
උගෙන් කට උත්තරයක් ගත්තද දන්නෙ නෑ
Kumara Hemantha Monday, 04 July 2022 02:01 PM
ජැක්සන් ඇන්තනි මහතා සත්ව හිංසකයෙක් නොවෙයි. අහිංසාවාදියෙක්. අතපසු වීමක් වෙන්න ඇති. මෙම ඇබැද්දියට මුහුණදුන් සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
fairoos Monday, 04 July 2022 02:58 PM
ස්වභාදහමින් පඩිසම් ලැබෙනව කියන්නෙ ඔකට තමයි
ganegoda Monday, 04 July 2022 03:02 PM
පාර මැද්දෙ හිටිය අලියව නොදකින්න තරම් ජක්සොන්ල මත්වෙලාද ඉදල තියෙන්නෙ ?
සනත් හම්බන්තොට Monday, 04 July 2022 03:21 PM
අලියා ගැන හොයන්නේ අලියාටත් අනතුරක් ද කියලා බලන්නටද, එසේ නැත්නම් අලියාට දඩුවමක් දෙන්න ද, එසේත් නැත්නම් අලියා සූටින් වලට ඉදිරියේ දි යොදා ගැනීමටද. අසරණ වල් අලින් මං මාවත් වලට එන්නේ උන්ගේ නිජ බිම් මිනිසුන් ආක්‍රමනය කර ඇති නිසා ඒවාට විසඳුම් සෙවිම වනජීවියේ වගකීම
Kumara Monday, 04 July 2022 04:01 PM
මල කෙලියයි රාජපක්ෂ නාට්‍යට අනුව ඌට නඩුවක් තමයි.
APerera Monday, 04 July 2022 05:00 PM
සෞඛ්‍ය අංශ වලටත් නැති ඩීසල් මෙයාට තිබුනානෙ මෙච්චර දුර යන්න. Anyway, get well soon.....!!!!
ගමේ එකාලා Monday, 04 July 2022 05:37 PM
ඒ අලියටත් අමාරු ඇති... ඉක්මනට ශල්‍යකර්මයකට භාජනය කරන්න වෙයිද?
Asela Monday, 04 July 2022 06:57 PM
අලියව ආයුධ පෙන්නන්න එක්කගෙන යයිද දන්නේ නැහැ නේද.