




මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 23 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය මගින් සංවිධානය කළ දානමය පිංකමක් එම කේන්ද්‍රය පරිශ්‍රයේ දී අද (29) පැවැත්විණි.
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත එලීනා ජයවර්ධන සහ පුතණුවන් වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රවී ජයවර්ධන යන මහත්මීන් ද මෙහිදී සිහිපත් කෙරිණි.
තිඹිරිගස්යාය අශෝකාරාමයේ විහාරාධිකාරී ඇහැළියගොඩ ධම්මසිද්ධී ස්වාමීන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් දානමය පිංකම පැවැත්විණි.
මේ අවස්ථාවට කථානායක කරු ජයසුරිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක , ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන , ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
2025 ඔක්තෝබර් මස 08
1899
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජේආර්ගේ 23 වැනි ගුණ සැමරේ
kumarage Saturday, 30 November 2019 04:19 AM
අපේ නායකයින්ට බණ අහද්දී ඇයි බැරි බිම වාඩිවෙන්න ..?
sandySaturday, 30 November 2019 08:28 AM
ඒ අයත් පුළුවන් හැමවිට අපට බණ කියන නිසා නොවේද?
Mahee Sunday, 01 December 2019 02:33 AM
මට මතක්වෙන්නෙම ඡන්දෙන් පැරදුණු හෙන්චයියලා පස්ස දොරෙන් ගන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවත් රවට්ටලා හදපු සටකපට ව්‍යවස්ථාව ගැනයි. ඒ කාලේ හිටපු නඩුකාරයෝ ඒක අනුමත කළා විතරක් නෙමෙයි පසුව ඒ ව්‍යවස්ථාව අභියෝගයට ලක්වුණු වෙලාවේ හිටපු නඩුකාරයෝ ඒ අභියාචනය අහන්නවත් බය වුණා. තමන්ගේ පුර්වගාමීන් කරපු වැරැද්ද එළිවෙනවට බය වුණා. මේක බහුබූත ව්‍යවස්ථාවක් කියලා කියපු උදවියත් කලේ ඒකෙම එල්ලිලා බලය රැකගන්න හදපු එක විතරයි. ඒ අනුව, තමන්ගේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදපු ජේ.ආර්. ව සමරන්නම ඕන තමයි. 'රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි".
sharm warn Tuesday, 03 December 2019 11:49 AM
එයා මහා ඉහලින් විවෘත කරපු ආර්ථිකේ තමයි අද වලපල්ලට ගිහින් තියෙන්නේ රටත් එක්කම