IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි

(නිමල් ජයරත්න)

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ දම්මින්න කොට්ඨාස සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

කාන්තාව අරලගංවිල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ඇපමත මුදාහැරීමටද පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමටද කටයුතු කරන බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි

දිඹුලාගල දම්මින්න කොට්ඨාසයේ අදාල සංවිධායකවරයා එම කාන්තාවගේ නිවසට ගොස් පදිංචි ඉඩම අවලංගු කරන බවට බලපෑම් කර, සමගි ජන බලවේගයට ඡන්දය දෙන ලෙසට බලපෑම් කිරීම පිළිබඳව අරලගංවිල ඉහළවැව එම්.ඩී.එල්. චතුරිකා ද සොයිසා මහත්මිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද හේමපාල මහතා සඳහන් කළේය.

 



අදහස් (1)

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි

සෙනෙවිරත්න Friday, 20 September 2024 11:15 PM

ඉඩම් උන්ගෙ රැකියා උන්ගෙ, ලොකු ලොකු තනතුරු උන්ගෙ, චන්දෙ විතරක් අපේ,ඒකත් උඹලට ඕනෑහැටියට දෙන්න කියලද කියන්නෙ? ඇය වීර කාන්තාවක්, මේ අප පාගා දැමූ දුෂ්ඨයන් හඳුනාගත් ඇයට උපහාර.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site