(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 12 ක් පමණ අද (6) වනවිට ජන්දදායකයින් වෙත බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
පසුගිය 3 දා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීම ආරම්භ කළ බවත් සදහන් කරන ඒ මහතා ලබන 14 දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත ගෙන්ගෙට බෙදා හැරීම සිදු කරන බවද කීය.
හෙටත් (7) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන්ගෙට බෙදා හැරීම සිදු කරන බවද අනිද්දා (8 වැනි ඉරිදා) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.