
(සුජිත් හේවාජුලිගේ සහ රවී මැදගෙදර)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර විෂය භාර අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුලි මස 2 වැනිදාට ප්‍රථමයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වා එහි සභිකයන් ගැසට් කර සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.
මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ චින්තක කුලරත්න මහතා මැතිවරණ ප්‍රචාරණය සහ ආදායම් වියදම් වාර්තා සකස් කරන ආකාරය පිළිබඳව නිලධාරීන් දැනුවත් කළේය.
අම්පාර දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කසුන් ශ්‍රීනාත් අත්තනායක මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති
මෙම වැඩමුළුවට මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක දෙකේම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
2025 නොවැම්බර් මස 04
829
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1776
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්ද දිනය 27 කියයි