(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පලකොට ඇති අදහස ජනතාවගේ පරමාධිපත්‍ය බලයට බරපතළ අභියෝගයක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව පහත දැමීම දඩමීමා කරගනිමින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් තැබීම මෙහි යටි අරමුණ බවත් මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩි කිරීම ද වික්‍රමසිංහ මහතාගේම යෝජනාවකි. දැන් එම සංඛ්‍යාව අඩු කළ යුතු යැයි ඔහු පවසන්නේ පළාත් පාලන මැතිවරණය තුළ එක්සත් ජාතික පක්ෂයට හෝ වර්තමානයේ ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට පැහැදිලිවම අත්වන පරාජය වසා ගනිම සඳහා දරන කූට උපක්‍රමයක් මිස අනෙකක් නොවේ.
පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට කිසිදු පියවරක් නොගන්නා ආණ්ඩුව මේ මොහොතේ උත්සහ දරනුයේ මැතිවරණ කොමිසමට හිමිව ඇති පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ බලය විධායක ජනාධිපති වරයා විසින් උදුරාගැනීමට ඉතාමත් පහත් මට්ටමේ උත්සාහයක නිරත වීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ සිදු නොවිය යුත්තකි.
මැතිවරණ කොමිසමට නීතියට අනුව හිමිව ඇති බලතල ක්‍රියාත්මක කරමින් වහාම පළාත් පාලන මැතිවරණය කැඳවීමට පියවර ගන්නා මෙන් අපි ඉල්ලා සිටිමු.
පටු අරමුණු සාධනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයෙන් හෝ ඕනෑම මැතිවරණයක් කල් දැමීමට ක්‍රියාකරන්නේ නම් එයට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කරමු.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙ කල් දැම්මට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා