IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඡන්ද කල්දාන්න ජනාධිපතිට අයිතියක් නෑ

(යොහාන් භාසුර)

මැතිවරණයක් ලබන වසරේ පැවැත්වෙන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ නම් ඒ පිළිබඳව කණගාටු වන බවත් මැතිවරණය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසන් සභාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.

ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වගකිවයුතු ආයතනය වන මැතිවරණ කොමිසමේ කටයුතුවලට ජනාධිපතිවරයා හෝ වෙන කිසිඳු පුද්ගලයෙක්ට මැදිහත්විය නොහැකි බව ද හෙතෙම කීය.

රාජපක්‍ෂවරුන්ට ඡන්ද කල්දැමූයේ යැයි කිසිවිටක චෝදනාවක් නොමැති මෙන්ම රාජපක්‍ෂවරුන්ට චෝදනාවක් තිබුණා නම් තිබුණේ ඡන්දය නියමිත දිනට පෙර පැවැත්වු යැයි බවත් පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල නොවන ආකාරයකට කල්දැමීමට උත්සහ කළහොත් පළමුවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළියට එන බවත් ඒ මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය ජනතාවගේ අයිතියක් බවත් පළාත් සභා අහෝසිකිරීමට මූලික වී කටයුතු කළ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකලා අද පළාත් පාලන මැතිවරණය ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා සඳහන් කළේ පළාත් සභා ඡන්දය අහෝසි කරන තත්වයට පත්කිරීමට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයා ද මූලිකව කටයුතු කළ බවත්ය.



අදහස් (13)

ඡන්ද කල්දාන්න ජනාධිපතිට අයිතියක් නෑ

athura Monday, 20 February 2023 03:22 PM

පශ්චාත් භාගයෙන් කතාකරනවා... දැකලා නැත්නම් බලාගන්න.

:       4       38

Kumara Monday, 20 February 2023 03:40 PM

කුඩු අන්දරේ මැරිලා නෑනේ...!

:       4       31

ජගත් ලියනගේ Monday, 20 February 2023 04:21 PM

කාටහරි... අංගොඩ තියෙන්නේ කොහේද කියලා ඔය මහත්තයාට කියල දෙන්න කරුණාකරලා...

:       2       27

Jagath Monday, 20 February 2023 04:33 PM

ඔබලාට ඕනෑකරලා තිබුණේත් මේ මැතිවරණය අයින් කරගන්න නේද?

:       2       23

senaMonday, 20 February 2023 05:11 PM

මෙතන යන්නේ රනිල් පීචන් කිරීමේ කපුටු ගේම් එක... මේ කාලකණ්ණි ඉන්නකල් රටට වැඩක් වෙන්නේ නැහැ.

:       3       19

Aravinda Monarawila Monday, 20 February 2023 04:34 PM

පිස්සෙක් කතා කරයි....

:       2       28

nimal Monday, 20 February 2023 05:16 PM

රනිල් රාජපක්ෂ කොහොමත් ඡන්ද වලට බයයි.

:       2       19

Prabha Monday, 20 February 2023 05:58 PM

බැසිල්, මහින්ද, ගෝඨා හෙට අල්ලලා හිරේ දැම්මත් පුදුම වෙන්න දෙයක් නෑ... මොකද තාම මෙයාලා සතා හරියට හඳුනන්නේ නැහැ...

:       1       13

fairoos Monday, 20 February 2023 06:23 PM

අනේ මෙයාගේ කට... තලන්න ඕනෑ මඩු වලිගයෙන්... එකතුවෙලා රට කෑවා...

:       1       13

ගනේගොඩ Monday, 20 February 2023 06:28 PM

ඡන්දය කල්දානකොට ජනතාවට තිබෙන අයිතිය ගැන කිව්වා නම් නේද හොඳ?

:       0       7

C.Basnagoda Monday, 20 February 2023 06:53 PM

කතා කරන්නේ කටින්ද? තවත් කුණු කතා අහන්න මේ රටේ ගොන්නු නැහැ බොලව්...!

:       0       11

Rata Perata Monday, 20 February 2023 11:05 PM

කනගාටු නම් අඬපන් පැත්තකට වෙලා අපේ කාලේ කන්නේ නැතුව . නැත්නම් අර බැසිල් ගෙන් මොකක්හරි කටේ ගහගනින්

:       0       1

wije Wednesday, 22 February 2023 11:32 AM

කසල සෝදක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site