
(නිමල කොඩිතුවක්කු)
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයන්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
එහිදී ඔවුන් අනන්‍යතාව තහවුරු කර තමන් අයත් ලිපි බෙදීමේ කාර්යාලයෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකාව ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ(14) දිනයෙන් අවසන් කළ බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.