(ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත එදිනට (16) පමණක් අදාළ වන පරිදි තාවකාලික අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
මෙම අවසරපත්වල අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක් ද , සිය නිල අත්සන ද ඇතුළත් කර ඇතැයි ද ඒ මහතා කීය.
මැතිවරණ කොමිසම මගින් මෙම තාවකාලික අවසර පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත යවා ඇතැයි ද ඔවුන් ග්‍රාම සේවා නිලධාරීන් වෙත යවා ඒවායේ හිමිකරුවන්ට ලැබෙන්නට සලස්වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
කිසියම් අයදුම්කරුවකුට තාවකාලික අවසර පතක් නොලැබුණ හොත් සිය අනන්‍යතාවය සඳහන් කර ග්‍රාම නිලධාරී නිර්දේශය මත නිකුත් කර ඡායාරූපය සහිත ලිපියක් ලබාගැනීමට මැතිවරණ කොමිසම අවස්ථාව සලසා ඇතැයි ද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක්
Rasika Pradeep Thursday, 14 November 2019 12:32 PM
මේ වගේ තාවකාලික හැඳුනුම් පත් නිකුත් කරන්නේ මොන හේතුවක් මතද කියලා දන්නා කෙනෙක් කියන්න පුළුවන්ද? විශේෂයෙන්ම මොන ප්‍රදේශවලද කියලා...? දන්නේ නැති හින්දයි අහන්නේ... එ්ක ගොඩක් අයට වැදගත් වෙයි..
Nandalal DE SILVA - FranceThursday, 14 November 2019 03:01 PM
මටත් ඔහොම ප්‍රශ්නයක් කලකට පෙර ඇති. ඕවා ගැන දන්නා කෙනෙක් මට උපදෙසක් දුන්නා පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනගන්න පුළුවන් වෙයි කියා. මම එතැනට කෝල්කරලා ෆෝන් එකේ විනාඩි 20ක් පමණ එල්ලිලා හිටියට පස්සේ එතැන හිටපු නාරිලතාවක් සැරෙන් කතාකරලා කිව්වා. ඔය විස්තර ෆෝන් එකෙන් දෙන්නේ නැහැ. ලිපියක් මගින් විමසන්න කියලා... මාස හතරකුත් දින 13ක් ගතවී ඇතත් තවම මගේ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු බව ඔබටත් දන්වන්නේ අතිශය කණගාටුවෙනි.
Nilantha Friday, 15 November 2019 05:18 AM
නොවැම්බර් 16 වෙනකල් හැඳුනුම්පත් නැති බව දන්නේ නැද්ද? ගෝඨට ඡන්දෙ දෙන්න රට ගිය අයත් එන්නේ මේ පාරයි. කාට උනත් ඔය ලක්ෂ 2 හොර ඡන්ද. ප්‍රධාන දෙන්නටම 50% නැති බව ෂුවර්. ඒකයි මේ සෙල්ලම් කරන්නේ.